Saturday, February 6, 2016

වරද කාගේද ?

වරද කාගේද ?  පාලකයන්ගේද? අපගේද?
.පො.. උසස් පෙළ විභාගය ආරම්භ වී තිබේ. එකල අප උසස් පෙළ විභාගය ලීවේ කෙසේ හෝ විශ්වවිද්‍යාලයට යාමේ අරමුණ ඇතුවය. සමත්වීමට ඇති අපහසුම විභාගය වන්නේ උසස් පෙළයි. එය එතරම් තරගකාරී විභාගයක් වන්නේය. විශ්වවිද්‍යාලවල ඉඩපහසුකම් මදි නිසා උසස් පෙළ සමත්වන සියල්ලන්ටම විශ්වවිද්‍යාලයට යාමේ අවස්ථාව අහිමි වෙයි. පළමු වර උසස් පෙළ විභාගයට මුහුණ දුන් මා ලකුණු දෙකක් අඩුවීම හේතුවෙන් විශ්වවිද්‍යාලයට යාමෙ සිහිනය බොඳව ගියේය. ඉන්පසු මම අතිශය වේදනාවට පත්ව ඉබාගාතයේ ඇවිද ගියෙමි. දෙවන වර මම විභාගයට මුහුණ දුන්නේ විභාග ක්‍රමයටම වෛර කරමිනි. පාඩම් නොකරමින්, ටියුෂන් නොගොසිනි. පුදුමයකි ! දෙවන වර මා උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලයට යාමේ අවස්ථාව හිමිකර ගෙන තිබුණේය.

වර්තමානයේ උසස් පෙළ සමත් වී රජයේ විශ්වවිද්‍යාලයට යාමේ අවස්ථාව අහිමි වී ගියත්, පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ගැනීමට පුළුවන. අවශ්‍ය වන්නේ මුදල් පමණි. මේ පෞද්ගලික විශ්වවිද්‍යාල බොහෝ ප්‍රමාණයක් තිරස් අතට අහසට එසවුණු ගොඩනැගිල්ලක් බඳුය. විශ්වවිද්‍යාලය තුළම ඇත්තේ ගොඩනැගිල්ලයි. එම තිරස් ගොඉනැගිල්ල තුළ ලන්ඩන්, කේම්බ්‍රිජ් උපාධි තිබේ. එම ගොඩනැගිලි තුළ එයටම විශේෂ වූ සංස්කෘතියක් තිබේ. රජයේ විශ්වවිද්‍යාල තුළ ඉගෙනුම ලබන ගොවියන්ගේ, ධීවරයන්ගේ, කම්කරුවන්ගේ දරුවන් මේ පෞද්ගලික විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය නොලබති. අනාගතයේ දුප්පතුන්ට රජයේ විශ්වවිද්‍යාලත් මධ්‍යම සහ ධනපති පංතියට පෞද්ගලික විශ්වවිද්‍යාලත් වෙන්වනු ඇත. මේවාට විරුද්ධවීම තේරුමක් නැත. ධනවාදයේ ස්වරූපය මෙය වේ. අපි ජීවත් වන්නේ ධනවාදී සමාජයක නම්, ජාතියේ ආඩම්බරකාර තාත්තා ප්‍රමුඛ ආණ්ඩුව තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නේ මේ ධනවාදී දේශපාලන ආර්ථික ක්‍රමය නම්, එහි පැවැත්ම වෙනුවෙන් ඔබ ඡන්දය ලබා දෙන්නේ නම් මෙය මෙසේම වන්නේය. උසස් පෙළ යාන්තම් සමත් නම්, මුදලුත් තිබේ නම් ලක්ෂ විසි පහේ... තිස් පහේ... පනහේ... අසූවේ උපාධි තිබේ. %^ තුනකුත් ලබාගෙන දශමයෙන් දෙකෙන් රජයේ විශ්වවිද්‍යාලයකට යාමේ අවස්ථාව ඔබට අහිමි වන්නේ ඔබේ වරදින් නොවේ. කෝටි ප්‍ර‘කෝටි ගණන් මුදල් නාස්ති කරන රජයේ විශ්වවිද්‍යාලවල පහසුකම් ගොඩනගන වැඩිපුර සිසුන් ප්‍රමාණයක් විශ්වවිද්‍යාල තුළට නොගන්නේ ඇයි? එසේ වූවා නම් %^ තුනක් ලබාගෙන විශ්වවිද්‍යාල වරම් අහිමිව ඔබ ගෙදර සිටිය යුතු නැත. මේ අසාධාරණ, අමානුෂික ක්‍රමය පවත්වාගෙන යාමට ඡන්දය දෙන්නෙත් අපමය. %^ තුනක් ගෙන ගෙදර සිටින ඔබගේ දෙමාපියන්මය. ඉතිං වරද කාගේද? පාලකයන්ගේද? අපගේද?

No comments:

Post a Comment