Sunday, February 7, 2016

පළමු ප්‍රේමය විඳිනවා, දෙවැනි ප්‍රේමය තේරුම් ගැනීමට ළං වෙනවා



දෙවැනි ප්‍රේමය



ආසවෙන් බලපු

නාට්‍යයක්

ආපහුපාරක් බලනවා වාගේ



ප්‍රථම ප්‍රේමය හැම අතින්ම නැවුම් හැඟීමක් ඇති කරනවා. හැම අද්දැකීමක්ම අලුත් ප්‍රථම ප්‍රේමයේදී ගලපන වචන පවා හුරු නෑ.  අමුතුම හැඟීමක් පිරුණු වචන දෝරෙ ගලනවා. ප්‍රේමයෙන් පිරුණු වචන හැඟීම් එක්ක හුවමාරු වෙන හැටි සිතා ගන්න බෑ. ස්පර්ශය හිත හිරිවට්ටනවා. පළමු සිප ගැනීමේදී ඇති වන හැඟීම හරියටම ප්‍රකාශ කරන්න තරම් භාෂාව දියුණු නෑ. වචනයෙන් කියන්න බැරි තරම් හැඟීමක් ප්‍රථම ප්‍රේමය කියන්නේ. බලපු නැති නාට්‍යයක් බලනවා වාගේ. මුල, මැද, අග මොනව වෙයිද දන්නේ නෑ. බලලම තමයි තේරුම් ගන්න වෙන්නේ. නාට්‍යයේ සිංදුව කොතනද හිනාවෙන තැන කොතනද, දුක හිතෙන තැන කොතැනද, එපා වෙන තැන කොතැනද කියලා කලින් දන්නේ නෑ. නාට්‍ය බලනකොට තමයි ඒක තේරෙන්නේ... හැබැයි ඒ නාට්‍යයම ආපහු බලන්න ගියොත් නාට්‍යය‘යේ කතාව දැනගෙනම තමයි බලන්නේ. කුතුහලයක් නෑ. මුල, මැද, අග දන්නවා. හරියට දෙවැනි ප්‍රේමය වගේ. චරිත වෙනස් වුණත් සිදුවීම් එකයි. එකම නාට්‍ය එක එක නළු නිළියෝ රඟපෑවා කියලා නට්‍යයේ කතාව, තේමාව, අදහස වෙනස් වෙන්නේ නෑ වගේ... මනමේ නාට්‍ය‘‘යේ කවුරු මනමේ කුමාරයාගේ චරිතය රඟපෑවත්, එකම පිටපතට අනුව තමයි රඟපාන්නේ. හැබැයි පළවෙනි පාර නාට්‍ය බලනකොට අහුවෙච්ච නැති තැන් දෙවැනි පාර නාට්‍ය බලනකොට අහුවෙන්න පුළුවන්. ඒක විඳීමක් නෙමෙයි, තේරුම් ගැනීමක්. පළවෙනි පාර අපි විඳිනවා. දෙවැනි පාර විඳින ගමන් තේරුම් ගන්නත් උත්සාහ කරනවා. ප්‍රථම ප්‍රේමයත් එහෙමයි. ප්‍රථම ප්‍රේමයේ බොහෝ විට තියෙන්නේ තේරුම් ගැනීම් නෙමෙයි. විඳීමේ හා විඳවීම්. ප්‍රථම ප්‍රේමයේදී තේරුම් ගන්න තරම් අද්දැකීමක් නෑ. ඒක තමයි අද්දැකීම් ලබමින් විඳින අවස්ථාව. විඳින අවස්ථාවේදී තේරුම් ගැනීම අමාරු දෙයක්. වින්දට පස්සේ තමයි තේරුම් යන්නේ. පළමු ප්‍රේමය විඳිනවා, දෙවැනි ප්‍රේමය තේරුම් ගැනිමට ළං වෙනවා. හැබැයි සමහරු නම් පළමු ප්‍රේමයේ ඉඳින්ම විඳින්නෙත් නැතුව විදෝනවා.

ප්‍රේමකරන්නා වෙනස් වුණා කියලා ඇති වෙන සිද්ධි වෙනස් වෙන්නේ නෑ. එකම සිදුවීම ටිකක් තමයි එක එක විදිහට වෙන්නේ. වෙන්වීම, රැවටීම නිසා වෙන්න පුළුවන්. රැවට්ටවීම පොදුයි... රවටන විදිහ තමයි පුද්ගලයන් අනුව වෙනස් වෙන්නේ. ආර්ථික ප්‍රශ්න, ජාතිය, ආගම පිළිබඳ ප්‍රශ්න, ලිංගික ප්‍රශ්න, සංස්කෘතික ප්‍රශ්න හින්ද පෙම්වතුන් වෙන්වෙලා යනවා. මේ සෑම වෙන්වීමකම තියෙන්නේ එකම මූලයක්. හැබැයි අපි ඒවා අර්ථකතනය කරගන්නේ එක එක විදිහට. කොහොම වුණත් පෙම්වුතුන් වෙන්වෙලා යන්න බලපාන පොදු ස්වරූපයක් තියෙනවා. ඉතිහාසයේ ඉඳං අදවෙනකම් පෙම්වතුන් වෙන්වෙලා ගිහිල්ලා තියෙන්නේ පොදු ස්වරූපයක් ගන්න මේ ප්‍රශන හින්ද. මේ ප්‍රශ්න තවදුරටත් නැතිවෙලා යන්න පුළුවන්.



ප්‍රථම ප්‍රේමය

මගේ හද ශීතකරණයේ

ගල් ගැසී

නුඹ සිටියි



&මචං ලයිට් ගියොත් එයා දියවෙලා යයි නේද* යාළුවෙක් ඒ කාලෙ කිව්වා... &හදවතේ ලයිට් යන්නේ මැරුණාම තමයි* කියලා මම කිව්වා.

No comments:

Post a Comment