Saturday, February 6, 2016

කාලය ද... ජීවිතය ද... වේගයෙන් ගෙවී යයි. කාලයට ද ජීවිතයට ද සාපේක්ෂව සිතීම් ද වෙනස් වෙයි



කාලය ද... ජීවිතය ද... වේගයෙන් ගෙවී යයි. කාලයට ද ජීවිතයට ද සාපේක්ෂව සිතීම් ද වෙනස් වෙයි. සිතත් සිතීමත් පුදුම සහගත වන්නේ සිතීම හැර සිතට වෙනත් දෙයක් නොදැනෙන නිසාය. සිතීම ලෝකයේ පිළිවෙළ සකස් කරනවා හා සමානව සිතීම ලෝකය අවුල් කර දමන්නේය. සිතීමට හොරෙන් සිතීමට අපට නොහැකිය. යමක් සිතන විට ඇති වන්නේ තවත් එවැනිම සිතීම් සමග ඇති වන ගැටීමකි. සිතුවිලි වලට නිදහසක් නැත. සිතන පතන ආකාරය අනුව අපි ජීවිත සකස් කරගෙන සිටිමු. එය සැම විටම නිවැරදි නොවේ. නිවැරදි යන්න ද අපේ සිතුවිලි අනුව සාදාගත් සංකල්පයක් වන නිසා නිවැරදි වීම, සත්‍ය දැනීම භාෂාමය හරඹයෙන් එහාට ගිය දෙයක් යැයි මම දැන් විශ්වාස කරමි.

No comments:

Post a Comment