Saturday, February 6, 2016

මේ පක්ෂ මාරුව සමාජ දේහයම ලෙඩ කරනවා




සමාජය ඇතුළේ ජීවත් වෙන්න; මනුෂ්‍යයන් සමග ගනුදෙනු කරන්න; මානුෂික සම්බන්ධතා පවත්වගෙන යන්න විශ්වාසය අවශ්‍යම දෙයක් වෙනවා. විශ්වාසය ගිලිහුණු සමාජයක් නීරෝගී සමාජයක් වෙන්නෙ නෑ. රටේ ජනයාට තමන්ගෙ කතිරෙන් බලයට පත් කරන පාලකයො ගැන කිසිම විශ්වාසයක් නෑ. අද නිල් පාට එක හෙට කොළ පාට වෙනවා. රෑ කොළ පාට එකා උදේ වෙද්දි නිල් පාට වෙනවා. මැති ඇමතිවරු, මන්ත්‍රීවරු පක්ෂ මාරු කරනවා ඇඳුම් මාරු කරනවා වගේ. සරල විදිහට නීරෝගී සමාජයක ජීවත් වෙන අයට එහෙම කරන්න බෑ. මොකද නීරෝගී මිනිස්සු ලෙඩ්ඩුන්ව ප්‍රතික්ෂේප කරනවා. හැබැයි අපි එහෙම නෑ. රතිඤ්ඤා පත්තු කරලා, මල් මාලා දාලා, බුලත් දීලා තමයි පනින අය පිළිගන්නේ.
නීරෝගී මිනිහෙකුට නම් මේ පැනිල්ල දැක්කාම ඇඬෙනවා. දුක හිතෙනවා. කලකිරෙනවා. සතුටක් හිතෙන්නෙම නෑ. මම නම් පක්ෂය දාලා යන්නෙ නෑ. පාවා දෙන්නෙ නෑ කියන අයම පක්ෂය අතහැරලා යනකොට, පහර වදින්නේ වෙන මොනවටත් නෙමෙයි, විශ්වාසයට.
මේක විශ්වාසය බිමට කඩා වැටුණු සමාජයක්. අපි අවිශ්වාසය එකතු කර කර ඉන්නවා. සැකය ගොඩගහගෙන ඉන්නවා. දාර්ශනිකව හිතුවොත් සැකය හා අවිශ්වාසය කියන්නේ කිසිදු පූර්ණත්වයකට, නිශ්චිත උත්තරයකට ළං නොවන දෙයක්. සැකය හා අවිශ්වාසය කිසිදා අවසන් නොවෙන දෙයක්. බුදුහාමුදුරුවෝ සැකය හා අවිශ්වාසය දිගේ, දිග ගමනක් ඇවිල්ලා නිර්වාණයෙන් අවිශ්වාසය හා සැකය අවසන් කරලා දැම්මා. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ළඟින් සැකය හා අවිශ්වාසය නැති කරලා දැම්මා. බුදු දහමේ නිර්වාණය විශ්වාසය වෙනකොට ක්‍රිස්තියානි ආගමේ දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. නිවන හෝ දෙවියන් වහන්සේ සැක කරන්න ගත්තොත් අපට සැනසීම අහිමි වෙනවා. සැනසීමට විශ්වාස කරන්න දෙයක් අවශ්‍ය වෙනවා. විශ්වාස කරන්න දේවල් නැති වුණාම, අහිමි වුණාම සැනසීම අහිමි වෙනවා. අපි හරි හෝ වැරදි දේවල් විශ්වාස කරන්න අවශ්‍ය වෙනවා. සැමියා හෝ බිරිඳ තමන් වෙනුවෙන් ඉන්නවා කියන විශ්වාසය තියෙන්න ඕනෙ. එහෙම නැති උනොත් ජීවිතේ අවුල් වෙනවා. සැනසීම නැතිව යනවා.
තමන් ඡන්දෙ දීලා පත් කරන ජනතා නියෝජිතයා මෙනවා හරි බයිලයක් ගහලා වෙන පැත්තකට පනිනකොට, ඔය අවුල ඔය විදිහටම බලපානවා. ඇත්තටම මේ පැනිල්ල සමාජ ඛේදවාචකයක්. මෙතන ප්‍රගතිශීලී විප්ලවවාදී වැඩ පිළිවෙළකට වඩා තියෙන්නේ ආත්මාර්ථකාමී බලතණ්හාවෙන් මුදලට ගිජුකමින් සිදුවන ක්‍රියාදාමයක්... ඇත්තටම මේ

No comments:

Post a Comment