Saturday, February 6, 2016

මිනිහෙකුට පිහියෙන් අනින්නත් අදහසක් තියෙන්න ඕනේ.



මම දන්නවා දැන් මොනව හරි ලියන්න ඕනේ කියලා... ඒත් මොනවද ලියන්නේ ලියන්න නම් අදහසක් තියෙන්න ඕනේ.... ඒ අදහසට වටිනාකමක් තියෙන්න ඕනේ... මට වටින අදහස ඔබට සතේකට වටින්නේ නැති වෙන්න පුළුවන්... හැමෝටම හරියන විදිහට ලියන්න බෑ... ලියන හැමදේම හරි යන්නෙත් නෑ. හැම ක්‍රියාවක් පිටි පස්සෙම අදහසක් තියනවා. මිනිහෙකුට පිහියෙන් අනින්නත් අදහසක් තියෙන්න ඕනේ... තුවක්කුවක් අතට ගන්න, බෝම්බයක් පුපුරැවන්න අදහසක් තියෙන්න ඕනේ... ඒක හරිද ? වැරදිද ? සංස්කෘතියට, සදාචාරයට එකඟද ? කියන එක තව අදහසක්... මේ අදහස් හා සිතුවිලි තමයි අපිව පාලනය කරන්නේ... එතකොට අදහස් පාලනය කරන්නේ කවුද... බලයක් තියෙන මිනිස්සුන්ට ආයතනවලට පුළුවන් අදහස් පාලනය කරන්න... අපිට හිතට එන සියලුදේම ක්‍රියාත්මක කරන්න බෑ... මට හිතට එන  සියලු දේ ලියන්න බෑ... සංස්කෘතිය අපිව පාලනය කරනවා... ආණ්ඩුව අපිව පාලනය කරනවා... නීතිය අපිව පාලනය කරනවා. ආගම අපිව පාලනය කරනවා. දෙමව්පියෝ , ගුරැවරැ, ආයතන ප්‍රධානීන් අපිව පාලනය කරනවා. මිනිස්සු තරම් අදහස් , හැඟීම් පාලනය කරගෙන ජීවත් වෙන ජීවියෙක් මිහිපිට නෑ. හරක, බල්ලා, පූසා, වගේ සත්තු හැඟීම් පාලනය කරගෙන ජීවත් වෙනවද? නෑ... ඒ කියන්නේ සත්තුන්ට අදහස් සංකල්ප කියලා දෙයක් නෑ. සත්තු ඉන්නෙ සහජය තුළ. සත්තුන්ට තියෙන්නේ සහජයෙන් ආපු හිකැයාවන් ටික විතරයි. සත්තු මොනම ආහාරයක්වත් නිර්මාණශීලී නෑ.... වඩුකුරැල්ලා අවුරැදු දාස් ගණන් තිස්සේ එකම  විදිහට කූඩුව හදන්නේ නිර්මාණශීලීත්වයක් නැති හින්දා... උන් සහජයෙන් ආපු හැකියාවෙන් එකම විදිහට ගෙවල් හැදුවා. මිනිස්සු එහෙමද ? ශිෂ්ටාචාරය පුරාම එක එක විදිහට ගෙවල් හැදුවා. තමන්ට  ඕනේ විදිහට ලෝකය නිර්මාණය කරගත්තා. ලෝකයේ ජීවත් වෙන කිසිම සතෙක් ඇඳුම් අඳින්නේ නෑ... මිනිහා කියන සතා ඇඳුම් අඳිනවා. මිනිස්සු සත්තුන්ට ඇඳුම් අන්දනවා... ඒක මිනිස්සුන්ට විහිළුවක්... විනෝදයක්... හැබැයි මිනිහා කියන සතා ඇඳුම් ඇඳීම විහිළුවක්.... විනෝදයක් නෙමෙයි. ඒක සිදුවිය යුතු දෙයක්.. මිනිහෙක් හරි ගැහැනියෙක් හරි නිරැවතින් හිටියොත් ඒක නීතියට අනුව වරදක්... සංස්කෘතියට අනුව ලැජ්ජාවක්... වනචරකමක්.... මනුෂ්‍යයාගේ නිරැවත නොදැනිය යුතු දෙයක්... හැබැයි සත්තුන්ට ඒක අදාළ නෑ.... සත්තු හැම තැනම ඉන්නේ නිරැවතින්.... ගෙදර බල්ලා නිරැවතින් ඉන්නවා... බල්ලාගේ  නිරැවත දැකලා ළමයි නරක්වෙයි කියලා බල්ලාට ඇඳුම් අන්දනවද ? අන්න අර පාර අයිනේ ගොන් වස්සෙකුයි එළදෙනෙකුයි  අමු නිරැවතින් ඉන්නවා... උඹ එහෙම ඒ පැත්තෙන් යන්න එපා  කියලා දෙමව්පියෝ කවදාවත් කියලා තියනවද ? අන්න අර ගමේ කපුටෝ හෙළුවෙන් ඉන්නවා... ලැජ්ජාවේ බෑ... අර බලන්න ලැජ්ජ නැතුව ඇඟේ නූල් පොටක් නැතුව ලේනා අඹ ගෙඩිය කන හැටි... අපිට මේ වගේ කතා කවදාවත් ඇහිලා තියනවද? හැබැයි ගෑනු ළමයෙක් කොට ඇඳුමක් ඇඳගෙන ගියොත් මොකද වෙන්නේ හොරෙන් බලබල බනිනවා. ළමයි නරක් වෙනවා කියනවා. ඇයි මනුෂ්‍යයන්ගේ නිරැවතට මේ තරම් බය. ඇයි මනුෂ්‍ය ශරීරයක නිරැවත අපේ ඔළුව අවුල් කරන්නේ... මනුෂ්‍යයාගේ අදහස්... මනුෂ්‍යයාගේ සංස්කෘතිය. මම පිරිමියෙක් හින්ද  මම දන්නවා ගෑනියෙක්ගෙ නිරැවත් ශරීරය දකින්න මම මොනතරම් කැමතිද කියලා. පිරිමියෙක්ගේ හිතේ තියන ඔන්න ඔය ආශාවට අනුව තමයි මාධ්‍ය අවකාශය හැඩ ගැහිලා තියෙන්නේ. ගාහැනියගේ නිරැවත කියන්නේ පිරිමියාගේ ආශාව... ගැහැනිය නිරැවත් වෙන තරමට පිරිම කැමතියි.... උපාසක පිරිමි අකමැති බව පෙන්නුවට එයාලා තමයි ගැහැනුන්ගේ නිරැවතට වඩාත්ම කැමති. ගැහැනියගේ නිරැවතට තියෙන්නේ හොඳ වෙළඳ පොළක්... ගැහැනියගේ ලිංගික අවයව විතරක් නෙමෙයි මුහුණ, දෙතොල්... අත් පා සියලු දේ හොඳ වෙළඳ පොළක්.... නාට්‍ය, චිත්‍රපට, පත්තර, අන්තර්ජාලයේ හැම තැනම වැඩිම තැනක් තියෙන්නේ ස්ත්‍රී ශරීරයට... එතකොට පිරිමි ශරීරවලට ගෑනු කැමති නැද්ද... පිරිමි නම් ගැහැනුන්ගේ ශරීර අවයව වලට නම් දාගෙන රස විඳිනවා.... ගෑනු අය පිරිමින්ගේ දෙපා දෙස බලා මරැ... කියන්නේ නෑ. එහෙම වචන පවා භාෂාවේ නෑ. ඇත්තටම ගැහැනු පිරිමි ශරීර දෙස බලා මොන ආකාරයේ සතුටක් ලබාගන්නවද කියලා මට හිතා ගන්න බෑ..
පීතෘ මූලික සමාජය ඇතුළේ ජනමාධ්‍යත් පිතෘ මූලිකයි. එතකොට පිරිමි ස්ත්‍රිය දිහා බලලා ලබන සතුට, නැත්නම් දර්ශනතාවය පුරැෂ මූලිකයි. එතකොට එන ප්‍රශ්නය තමය මේ සතුට ස්ත්‍රිය ලබාගන්නේ කොහොමද කියන එක. මනෝ විශ්ලේෂණවාදීන් නම් කියන්නේ මේ අවස්ථාවේදි ගැහැනියත් පිරිමියාගේ මානසිකත්වය ආරෝපණය කරගන්නවා කියලා. එතකොට ගැහැනිය ගැහැනිය දෙස බලලා පිරිමි ලබාගන්න සතුටට සමාන සතුටක් ලබාගන්නවා කියලා තමයි කියන්නේ... මේ කතාවෙත් ඇත්තක් තියනවා. ගෑනු ගෑනුන්ගේ ලස්සන දිහා බලනවා.  ටෙලිනාට්‍යයක් නම් ඒ ටෙලි නාට්‍ය‘යේ නිළිය අඳින ඇඳුම්, සාරි මෝස්තර, හැසිරෙන හැටි දිහා ගෑනු ආසාවෙන් බලාගෙන ඉන්නවා.
අද මනුෂ්‍ය සම්බන්ධතා පවත්වන, පවුල් ජීවිත ගත කරන, භෞතික ශරීර පවතින්නේ මේ මහපොළව උඩ විතරක් නෙමෙයි... සයිබර් අවකාශයෙත් වෙනම ජීවිතයක් තියනවා.... නීත්‍යානුකූල බිරිඳට, සැමියාට අමතරව සයිබර් ලෝකේ ගෑනු පිරිමි ඉන්නවා. කාගෙන් ............................ කවුරැ දන්නවද නීත්‍යනුකූල පවුල් ජීවිතයට අමතරව වෙනත් අද මිනිස්සුන්ගේ අවිඥානික ආශාව ඉටුකර ගන්න සයිබර් අවකාශය ඉඩදීලා තියනවා... සයිබර් අවකාශයෙදි සංස්කෘතිය, සදාචාරය නීතිය මොනවත් අදාළ නෑ... කසාද බැඳලද ? ළමයි ඉන්නවද ? තනතුර මොකක්ද ? සමාජ තත්ත්වය මොකද්ද ? ජාතිය ආගම මොකද්ද ? දුප්පත්ද ? පොහොසත්ද ? වයස කීයද ? කිසිදෙයක් අදාළ නෑ. .. මට නම් හිතෙන්නේ .... මේ අලුත් තත්ත්වය තේරැම් ගන්න තරම් සමාජය තාම සූදානම් නෑ කියලා.
තව ටික කාලයක් යනකොට මිනිස්සු රෑපවාහිනිය බැලීම නවත්තලාම දානව... අන්තර්ජාලය හා බැඳිච්ච දේවල්වලට මිනිස්සු යොමු වෙනවා. දුරකථන හරහා එකතැන  ඉඳන් තවත් තැනකට හඬ ගමන් කිරීම මිනිස්සුන්ට පුදුමයක්... අපි පොඩි කාලේ කියනවා කටහඬ මේ විදිහට යනවා වගේ රෑපයත් අනාගතේදී යයි... එතකොට සජීවීව මූණ දිහා බලාගෙන කතා කරන්න පුළුවන් කියලා... අපේ ජීවිත කාලය ඇතුළත ඒ දේ සිද්ධ වුණා. දැන් ස්කයිප් වලින් ලෝකේ ඕනෙම කෙළවරකට රෑපය යවන්න පුළුවන්... තව ටික කාලයකින් ත්‍රිමාන රෑපයකුත් යවන්න පුළුවන් වෙයි. මේ තාක්ෂණයත් එක්ක පුදුම විදිහට මනුෂ්‍යයා වෙනස් වෙනවා. මනුෂ්‍යාගේ සිතීම් වෙනස් වෙනවා. හැඟීම් වෙනස් වෙනවා.
මනුෂ්‍යයා කියන්නෙම සංස්කෘතික ජීවියෙක්... සංස්කෘතිය අනුව තමයි වෙනස් වෙන්නේ... දෙමළ පවුලක ළමයෙක් පුංචි කාලෙම සිංහල පවුලක හැදී වැඩුනොත් ඒ ළමයා කවදාවත් දෙමළ කතා කරන්නේ නෑ. ඒ ළමයා සිංහල කතා කරන්නේ... හැබැයි කපුටාගේ කූඩුවෙ බිත්තර දාන කොහාගේ පැටවු කාක් පැටවු වගේ කෑගහන්නෙ නෑ. බළල් පැටවු බැල්ලිගෙන් කිරි බිව්වා කියලා බල්ලා වගේ බුරන්නේ  නෑ. අපේ සිංහල ළමයෙක් පුංචි කාලෙම එංගලන්තෙ සුදු ජාතික පවුලක හැදුනොත් ඒ ළමයා සිංහල කතා කරන්නේ නෑ. ඒ ළමයා කතා කරන්නේ ඉංග්‍රීසි. කාටහරි කියන්න පුළුවන් භාෂාව විතරයි එහෙම වෙනස් වෙන්නේ කියලා. භාෂාව තමයි මිනිහාගේ සංස්කෘතික ජීවිතය නිර්මාණය කරන්නේ. භාෂාවෙන් තොරව මිනිහෙක් නෑ. ජාති, ආගම්, කුල ගෝත්‍ර සියලු දේ හදාගෙන තියෙන්නේ භාෂාවෙන්... මිනිහාගේ අදහස් වලින්... ජාතිය කියන්නේ අදහසක්.... ආගම කියන්නේ අදහසක්.... නැතුව උපතින් අරගෙන ආපු දෙයක් නෙමෙයි. ඉපදෙන කොට අරගෙන ආපු නැති දේවල් යනකොටත් දාලා යනවා. ඉතිං ජාති ආගම් වෙනුවෙන් මරා ගන්න එක නම් තේරැමක් නැති වැඩක්.

No comments:

Post a Comment