Saturday, February 6, 2016

සියලු මනුෂ්‍ය සම්බන්ධතා අමානුෂිකත්වය සමග ගැට ගැසී ඇතැයි මට සිතෙයි



සියලු මනුෂ්‍ය සම්බන්ධතා අමානුෂිකත්වය සමග ගැට ගැසී ඇතැයි මට සිතෙයි. දම්වැලක පුරැක් මෙන් එකිනෙකට බැඳෙන මේ අමානුෂිකත්වයෙන් ගැලවී සිටීමට මට ඔබටද නොහැකි බව මම දනිමි. විවේචනය කරන්නා විවේචනයන් නිදහස් නොවන්නා සේ, මටද මේ අමානුෂිකත්වයෙන් ගැලවී සිටීමට  නොහැකිය. මේ මොහොත වනවිට සමාජය තුළ කුමන ආකාරයෙන් හැසිරිය යුතුද, ගනුදෙනු කළ යුතුද යන්න මට නොතේරෙයි. මම මිනිස්සු සමග සමාජය තුළ නැවත කුමන ආකාරයේ සම්බන්ධතා පැවැත්වුවද, මම ඉතා නරැම ලෙස තනිව සිටීමට ප්‍රිය කරමි.
පසුගිය දිනෙක මම නිර්මාණය කරන ලද වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය කිරීමට කොළඹින් පිට ප්‍ර‘දේශයකට ගියෙමි. දහවල් එක පමණ වනවිට අදාළ නාට්‍ය ශාලාවට පැමිණී අතර, එහිදී නාට්‍ය සංවිධායක තුමා කිරිබත් සමග තේ මේසයක්ද සූදානම් කර තිබුණේය. නාට්‍ය කණ්ඩායමේ සියල්ලෝම විහිළුතහළු කරමින් කිරිබත් කෑවෝය. සංවිධායක තුමා අපගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙහෙසෙයි. නාට්‍ය ශාලාවේ ඇඳුම් මාරැ කිරීම සඳහා කාමරයක් තිබුණද, සුපුරැදු ලෙස එහි දොර නොතිබුණේය. දොර තිබුණේ බිත්තියට හේත්තු කරය. නළුවෝ වේදිකාවේ අඳුරැ අහුමුළුවලට වී නාට්‍ය සඳහා අවශ්‍ය ඇඳුම් ඇඟලා ගනිති. නාට්‍යය කණ්ඩායමේ පිරිමින් විසි ගණනකටම සිටියේ එකම එක තරැණියක් පමණි. ඒ නිසා සියල්ලන්ගේම අවධානය ඇය වෙතට එල්ල විය. කලින් නාට්‍ය කණ්ඩායමේ සිටි තරැණිය නාට්‍යය කණ්ඩායමේ සිටින අය සමග ඇතිකරගත් ගැටුම් හේතුවෙන් නාට්‍ය දර්ශනවාරයන් සඳහා දින ලබාදී තිබියදිත්, නාට්‍යයට පැමිණීමට නොහැකි බව පැවසුවාය. මම ඇයට කිසිවක් නොකියා වෙනත් තරැණියක් නාට්‍ය සඳහා පුහුණු කෙළෙමි. දින කිහිපයකින් ඇය සැලකිය යුතු මට්ටමකට පැමිණියාය. “අය්යේ, මට කොස්ටියුම්එක දාගන්න දොර උස්සලා කාමරය වහලා දෙනවද* යැයි මගෙන් ඇසුවා. මම ඇය කාමරයට දමා පිටතින් දොර උස්සා වසා දුන්නා. “අය්යේ ඔයා ඔතන ඉන්නවා නේද? කොහෙවත් යන්න එපා* ඇය කාමරයේ සිට කෑගසුවාය. මම මුරකරැවෙකු සේ දොර අසල ගැවසෙයි. “අය්යේ... මේ ඇඳුම හොඳද?* මම දොර උස්සා ඉවත් කර ඇය දෙස බලමි. ඇය තවම නාට්‍ය කණ්ඩායමට අලුත්ය. ඇයගේ පළවෙනි වේදිකා නාට්‍යයත් මෙයයි. තව ටික දිනක් යනවිට ඇයගේ ආරක්ෂාවට නාට්‍යය කණ්ඩායමේම අය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන බව මම දනිමි.
3.30 දර්ශනයට සියල්ල සූදානම්ය. &3.30ට සෙනඟ අඩුයි, 6.30 ට තමයි සෙනඟ එන්නේ* යැයි සංවිධායකයා පවසයි. ඔහුත්, මමත් මාස ගණන් තිස්සේ දුරකථනයෙන් කතාබහ කර ඇති වූ විශ්වාසය නිසා නාට්‍ය දර්ශනයට පෙර අත්තිකාරම් මුදලක් පවා මම ලබා නොගත්තෙමි. 3.30 දර්ශනය අවසන් වූ පසු නාට්‍ය සඳහා ගෙවන මුදල පිළිබඳ මං සංවිධායකතුමාගෙන් අසන විට, “හරි හරි දෙන්නම්* කියමින් ඔහු කලබලයෙන් එහා මෙහා ගියේය. ඔහු මුදල් නොදී සිටීමට උත්සාහ කරන බව පෙර අද්දැකීමක් අනුව මට තේරැණි. මීට පෙර නාට්‍යය දර්ශනයකදී නාට්‍ය දර්ශන වාර දෙක අවසන් වූ පසු මම සංවිධායතුමාගෙන් නාට්‍යයට ගෙවිය යුතු මුදල ඉල්ලා සිටියෙමි. ඔහු මුදලින් කොටසක් ලබා දී ඉතිරිය පසුවදා මගේ බැංකු ගිණුමට දමන බව පැවසුවේය. මම ඔහුව විශ්වාස කළෙමි.  එහෙත් පසුවදා ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කර තිබුණේය. පසුව මාස ගණනක් ඔහුට කතාකර, ඉතිරි මුදලින් සුලු කොටසක් මම ලබා ගත්තෙමි. “මම නාට්‍යයක් කළේ මිනිස්සු ගැන වෛරයෙන් ඉන්න නෙවෙයි. මේක මට මානසික වදයක්. තමුසේ මාව ලස්සනට රුවැට්ටුවට කමක් නෑ. මට තමුසේ ගැන වෛරයෙන් ඉන්න බෑ. ඉතුරැ සල්ලි මට එපා* කියා මම නාට්‍ය කණ්ඩායමේ සියල්ලන්ටම අදාළ මුදල් ගෙවා පාඩුව මම විදදරා ගත්තෙමි. මොහුත් පැමිණෙන්නේ එවැනි සෙල්ලමකට බව මට වැටහිනි. “6.30 ෂෝ එක පටන් ගන්න කලින් සම්පූර්ණ මුදල ගෙවන්න ඕන* මම සංවිධායකතුමාට පවසන විට “මම දැනට මෙච්චරක් දෙන්නම්. ඉතුරැ ටික ෂෝ එක ඉවර වුණාම දෙන්නම්* ඔහු පවසයි. නාට්‍ය කණ්ඩායම පැමිණි මාසයට ලයිට්වලට, සවුන්ඩ්වලට, මේකප්වලට ගෙවීමටවත් එම මුදල ප්‍රමාණවත් නැත. සම්පූර්ණ මුදල ගෙවනකම් අපි රඟපාන්නේ නෑ. නාට්‍ය කණ්ඩායමේ ඒකමතික තීරණය එයයි. 6.30 ට ආසන්නය. ප්‍රේක්ෂකයෝ පැමිණ රඟහලේ අසුන් ගනිති. සංවිධායකතුමා හා ඉදිරියේ බැගෑපත් වෙයි. සම්පූර්ණ මුදල හෙට දෙන බව පවසයි. එය පිළිගන්නට නාට්‍ය කණ්ඩායෙම් කිසිවෙකුත් සූදානම් නැහැ. සංවිධායකතුමාගේ මව පැමිණ “අනේ පුතේ නාට්‍ය පෙන්වන්න* කියා බැගෑපත්වෙයි. මට මගේ අම්මා සිහිවෙයි. සිත දුකෙන් පිරෙයි. මොකද අපි කරන්නේ, මම නාට්‍ය කණ්ඩායමෙන් අසමි. &ඔය බොරැව කරන්නේ, අම්මලා පුතාලා හැම තැනම ටිකට් විකුණලා* ගමේ මිනිස්සු කියති. &සම්පූර්ණ මුදල ගෙවනකම් අපි රඟපාන්නේ නෑ* නාට්‍ය කරැවෝ එක හඬින් පවසති. මා කුමක් කරන්නද  ? වේලාව හත පසුවී ගෙන යයි. මම තිරය අස්සෙන් ප්‍රේක්ෂකයන් දෙස බලමි. ළමා ළපටියෝ ඈනුම් අරිති. ප්‍රේක්ෂකයෝ නොයිවසිල්ලෙන් වේදිකාව දෙස බලා සිටිති. දැවැන්ත දේශපාලන චරිත වලට පුංචි ළමෝ සිනාසෙති. මම එය අසන්නට ඉතා ප්‍රිය වෙමි. සංවිධායකතුමා මා ඉදිරියේ බැගෑපත් වෙයි. මාගේ හඳ ඉතින් පුරවන්නේ සංවිධායකතුමා නොව ඔහුගේ අම්මාය. &අනේ පුතේ නාට්‍යය පෙන්නන්* මේ ඇගේ ඉල්ලීමයි. මම තනිවම පැමිණියා නම් මුදලුත් නොගෙන ඇගේ ඉල්ලීම ඉටුකර පිටව යමි. එහෙත් කණ්ඩායම පිළිබඳ වගකීම මා සතුය. ලක්ෂ තුනක් පමණ ණය වී නාට්‍ය කළ මට ඔවුන්ට ගෙවීමට මුදලක් මා සතුව නැත. නාට්‍ය සංවිධායකතුමාගේ පුංචි දරැවා රඟහලේ කොනක බිම රෙදි කැබැල්ලක් උඩ කිරි බෝතල උරමින් සිටියි.
පුංචි දරැවා දෙස මම බලා සිටිමි. සිත ඉතිං පිරෙයි. කඳුළු බිදු ඇද වැටීමට සූදානම් වන නිසා මම අඳුරැ තැනකට පලාගොස් කඳුළු පිසදා ගනිමි. වේලාව 7.30 යි. මුදල් නැත. මගේ ශරීරය හිරි වැටෙයි. මට මාවව එපා වෙයි. “අර අම්මාගේ කරේ මාලයක් තියෙන්නේ ඒක හරි ගමු ඔච්චරටම සල්ලි හොයා ගන්න බැරිද ? ඔය බොරැ කරන්නේ*  එක් අයෙක් පවසයි. මම නාට්‍යයක් කළේ කරේ තියෙන මාල ගලවන්නද, සංවිධායකයා එහාට මෙහාට ඇවිදියි. මුදල් දෙන බවට පොරොන්දු වෙයි. මේ සමාජය තුළ එකිනෙකා ගැන තිබෙන විශ්වාසය සහතික ලෙස බිඳ වැටී තිබෙයි. සියල්ලෝම අනෙකා රවටමින් ජීවත් වෙති. කෙසේ හෝ නාට්‍ය අවසානයට පෙර මුදල් ගෙවන පොරොන්දුව පිට අපි නාට්‍ය වේදිකා ගත කළෙමු. මම තිරය අස්සෙන් ප්‍රේක්ෂකයන් දෙස බලමි. මගේ සිතට සතුටක් දැනෙයි. රාත්‍රී දහය වනතුරැ ප්‍රේක්ෂකයෝ සිනාවෙමින් නාට්‍ය බැලුවෝය. සංවිධායකතුමා සම්පූර්ණ මුදලත් දුන්නේය. ඒත් මගේ සිත වේදනාවෙන් පිරී තිබෙයි.  මේ සිස්ටම් එක ඇතුළේ මනුස්සකම් තියාගෙන ජීවත් වෙන්න බෑ. “දැන් මොකට දුක් වෙනවද ? සල්ලි හම්බවුණා නේ* කියා නාට්‍ය කණ්ඩායමේ එක් අයෙක් පවසයි. “සල්ලි දුන්නේ නැත්නම් අපි වෙනුවෙන් කවුද දුක් වෙන්නේ* තවත් ප්‍රශ්නයකි.
කාල්මාක්ස් කියන විදියට අපිට තනි තනිවම මානුෂික වෙන්න බෑ. ධනවාදී ආර්ථිකය ඇතුළේ අත්මාර්ථකාමීත්වය නැති මිනිහෙක් ඇතුළෙන් ආත්මාර්ථකාමීත්වය ඇති කරනවා. මේ සමාජය ඇතුළේ සල්ලි මිසක් වෙන කිසිම දෙයක් වටින්නේ නෑ. ජීවිතයේ තියන එකම අවශ්‍යතාවය මුදල් සියලුම දුන් කරදර නැති කරන එකම දෙය මුදල් හැටියට තමයි අපිට හිතන්න වෙලා තියෙන්නේ. සල්ලි නැත්නම් ජීවිතයකුත් නැහැ. ඒ හින්දා මුදල් හොයන්න මානුෂික නොවන ආකාරයෙන් හඹායාම ජීවිතයේ එකම දෙය විදිහට මිනිස්සු හිතනවා. අවශ්‍යතාවයන් සපුරා ගන්න තියන එකම මාධ්‍ය මුදල් විතරයි. සල්ලි හින්දා මිනිස්සු මොනතරම් දුක් විඳිනවද? සල්ලි හොයන හැම මනුෂයෙක් ගාවම දැන හෝ නොදැන අමානුෂිකත්වය වර්ධනය වෙනවා. එහෙම නැතුව සල්ලි හොයන්න බෑ. බුදු හාමුදුරැවෝ පින ගැන දේශනා කරලා නොතිබුණා නම්, හිඟන්නෙකුට රැපියලක් දෙන එකක් නෑ. දැන් අපි දානමාන දෙන්නේ පරලොවට වැඩක් වෙන්න. දෙවියෝ වෙලා උපදින්න. මොන තරම් සාහසික අදහසක්ද? ආගම දහමට කවදාවත් මිනිස්සුන්ව මානුෂික කරන්න බෑ. බොරැවට මිනිස්සු උපාසක උපාසිකාවෝවෙලා මානුෂිකවෙලා වගේ පෙන්නනවා. ඒකයි මොන තරම් බණ දේශනා කළත්, පිං අතේ වැඩක් කළත්, සමාජය එන්න එන්නම විනාශ වෙන්නේ. මේ සමාජය ඇතුළේ මිනිස්සු හොඳ නෑ. හැබැයි හොඳයි වගේ පෙන්නනවා. අවංක නෑ, අවංකයි වගේ පෙන්නනවා.  ප්‍රදර්ශනාත්මක මනුෂ්‍යත්වයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ පෙන්නුම් කිරීම මවාපෑම් තමයි හැම තැනම තියෙන්නේ. ඇත්ත දේ මොකක්ද කියලා අපි දන්නේ නෑ. ඒක ව්‍යාජකයින් වැහිලා ගිහිල්ලා. දේශපාලනඥයා මිනිස්සුන්ව රවට්ටනවා නෙවෙයි. මිනිස්සු ඒ විදියට රුවටෙන්න කැමති වෙනවා.
පෙම්වතා පෙම්වතිය රවට්ටනවා නෙමෙයි. පෙම්වතිය ඒ විදහට රුවටෙන්න කැමති වෙනවා. ඔයා දන්නවද අහවලා එයාගේ වයිෆ්ගේ උපන්දිනේට මේවා දුන්නා. අරවා දුන්නා. අවහල් හෝටලයේ කෑමට එක්කගෙන ගියා. ඔයා තමයි මට කිසිම දෙයක් උපන් දිනේට දෙන්නේ නැත්තේ. ඒ හින්දා මංම මොනව හරි අරගෙන හස්බන්ඩ් බර්ත් ඩේ එකට අරන් දුන්නේ කියලා වයිෆ් බයික් එකේදී කියනවා. නැත්නම් මට ලැජ්ජයි.. අඩුගානේ මට පේමන්ඩ් එකෙන් ලේන්සුවක් අරගෙන දෙන්න... බිරිඳ ගේ මැසිවිල්ලයි. එහෙත් මම ඇගේ උපන්දිනයට කිසිවක් නොදෙමි. මට එය මහා ව්‍යාජයක් ලෙස දැනෙයි. ප්‍රදර්ශනාත්මකව ආදරය කරපු අය වටිනවා. භාණ්ඩ හුවමාරැ කරගත් අය හිටි හැටියේම දික්කසාද වෙයි.  අයථාසම්බන්ධකම්වලට පැටලෙයි. එහෙත් ඉතා හොඳින් ජීවත් වන බව සමාජයට පෙන්වයි. අපි ඉතා හොඳ මිනිස්සු බව, අපි උගත් බව, බුද්ධිමත් බව අහිංසක බව, දැහැමි බව ආගම දහමට ළැඳි බව අනෙකාට පෙන්වීමට අවශ්‍ය වෙයි. ඒ නිසා අනෙකාට පෙනීම වෙනුවෙන් අපි ජීවිතය සකස් කරගෙන සිටිමු.
සමාජය දෙස හොඳින් බැලූ විට මෙවැනි ප්‍රදර්ශනාත්මක පෙනී සිටීම හොඳින් හඳුනාගත හැකියි. දේශප්‍රේමය, අරබලය, මේ බලය රාවණා නැගිටීම, උරැමය, අරවා මේවා සේරම පෙනී සිටීම්. හරියට හිතුවොත් තේරෙනවා මේ සේරම අමුබොරැ කියලා. බොරැ වෙනුවෙන් ගහමරා ගන්න එක මොන ගොන් වැඩක්ද.

No comments:

Post a Comment