Wednesday, February 24, 2016

නිවන පරාජය කරන්න විද්‍යාවට තාම පුළුවන්කමක් ලැබිලා නෑ




පර්යේෂණ කරනවා. දෙවියන් වහන්සේ කියන සංකල්පය නම් වේගයෙන් පරාජය වේගෙන යනවා. අවසාන පිළිතුර විදිහට බාර ගැනීම ගැන මම වැඩි යමක් ලියන්නෙ නැත්තේ.... අන්‍යආගමිකයන්ගේ හිත පාරවන්න මම අකමැති හින්දා... ආගම ප්‍රශ්න කරන්න ආගමෙන්ම ඔවුන්ට නිදහසක් නැති හින්දා.... හැබැයි මම බෞද්ධයෙක් හින්දා, මගේ ශාස්තෘවරයාණන් බුදු හාමුදු
මේ ජීවිතේ තේරුම මොකක්ද කියන ප්‍රශ්නයට හරි උත්තරයක් තියෙනවද? මට නම් හිතෙන විදිහට හරි කියලා උත්තරයක් නෑ. හරි කියලා පෙන්නල දීලා තියෙන උත්තර තමයි තියෙන්නේ.... ජීවිතය යනු කුමක්ද කියලා සිතමින් උත්තර හොයනකොට, උත්තර හම්බවෙනවනේ..... හොයන කොට හම්බ වෙන උත්තර සැබෑම උත්තර වෙනවද කියන ප්‍රශ්නෙ ආපහු එනව.... උත්තරය ප්‍රශ්න කළ යුතු නැද්ද? දෙවියන් වහන්සේ අවසාන පිළිතුර විදිහට බාර අරගෙන නිහඬ වෙනවද, එහෙම නැත්නම් දෙවියන් වහන්සේව ප්‍රශ්න කරනවද? %නිවන^ අවසාන පිළිතුර විදිහට බාර ගන්නවද? නිවන ප්‍රශ්න කරනවද? මම මෙතනදී දෙවියන් වහන්සේයි, නිවනයි දෙකම එකට ගත්තේ දෙකම එකක් යන අර්ථයෙන් නෙමෙයි. ජාතිවාදී උන්මත්තකයන්ගෙන් බේරෙන්න. ආගම්වාදී මනෝ විකාරකාරයන්ගෙන් බේරෙන්න. ලේ ඉල්ලන ඩ්‍රැකියුලගෙන් බේරෙන්න. මම මෙතනදී කතා කරන්නේ විචාරාත්මක චින්තනයක් සහිත මිනිසුන්ට මිසක්, ආගම් ජාති වෙනුවෙන් මිනී මරාගන්න හදන උන්මත්තකයන්ට නෙමෙයි. ලෝකය දිහා මානුෂිකවාදීව නිදහස් චින්තනයකින් දකින්න පුළුවන් මිනිස්සු දහ දෙනෙක් මා මේ ලියන ලිපි කියෙව්වොත් මට ඒ ඇති.
ආගමේ එන අවසාන පිළිතුර ප්‍රශ්න කරන්න අපි බයයි, පව් සිද්ධ වෙයි කියලා. හැබැයි අපේ බුදු හාමුදුරුවොම දේශනා කරලා තියෙනවනේ පරම්පරාවෙන් එන නිසාවත්, ගුරුවරු පැවසුව නිසාවත්, කිසිම දෙයක් පිළිගන්න එපා. තමන්ම ප්‍රශ්න කරලා තමන්ට නිවැරදි යැයි සිතෙන තෙක් යමක් පිළිගන්න එපා කියලා.
ප්‍රශ්න ඇසීම තමයි අවබෝධයේ මාර්ගය බවට පත්වෙන්නේ. ජීවිතය තුළින් එන ප්‍රශ්නයක්නේ මේ ජීවිතයේ අර්ථය කුමක්ද කියන එක. බුදු හාමුදුරුවෝ ඔය ප්‍රශ්නයටනේ උත්තර හෙව්වේ. ඉපදීම තමයි ප්‍රශ්නය. නැවත නොඉපදීම තමයි පිළිතුර. භෞතිකය විසින් සොයා ගත්තොත් මනුෂ්‍ය‘යන් නැවත නැවත ඉපදෙන්නෙ නෑ. මේ ආත්මයෙන් වැඩේ ඉවරයි කියලා විද්‍යාවට ටක්කෙටම හරියට කියන්න බෑනේ.... සත්වයෝ මේ සංසාර ගමනේ ඉපදි ඉපදී... මැරි මැරී.... යළි ඉපදී, යළි මැරී කියන ආගමික අදහස සම්පූර්ණයෙන්ම බොරුවක් කියන්න විද්‍යාවට පුළුවන්ද? එහෙම කියනවා. හැබැයි හිඩැසක් තියෙනවා. පුනරුත්පත්තිය ගැන කතා බටහිර රටවලිනුත් ඇහෙනවා. පුනරුත්පත්තිය ගැන රුවෝ හින්දා බුදු දහම ගැන ප්‍රශ්න කරන්න මට නිදහස තියෙනවා. මට දැනෙන විදිහට නිවන පරාජය කරන්න විද්‍යාවට තාම පුළුවන්කමක් ලැබිලා නෑ. සියලු සත්වයෝ නැවත නැවත නොඉපදෙයි කියලා ටක්කෙටම විද්‍යාවෙන් හොයාගත්තොත්, ඒ ගැන ඔප්පු කරලම පෙන්නුවොත් නිවන මිනිස්සුන්ට අවශ්‍ය වෙයිද? උත්තරයක් නැති ප්‍රශ්නයකින් මම මේ ලිවීම අවසන් කරනවා.

No comments:

Post a Comment