Monday, February 8, 2016

හොර බඩු සමග හොරුන්ද ඇල්ලීමට මේ නියම කාලයයි




හැට දෙලක්ෂයක් ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදුනොවන බව දැන් පැහැදිලි වෙමින් තිබේ. ආණ්ඩුව දින සීයක හිරවී හොරුන්ට රටින් පැන යාමටත්, හොඳ හොරුන්ට ආණ්ඩුවට එකතු වී නිර්දෝෂ වීමේ අවස්ථාවත් උදාකර දී තිබේ.
යූ.එන්.පී. කාරයෝ දින සීයේ ඇමතිකම්වලට පෙරේතකමින් මාරාන්තික නිහඬියාවකින් පසුවෙති. හොරු අල්ලනවා, දඬුවම් දෙනවා යැයි වේදිකාවල කෑගසන්නේ ජනයා චූන් කිරීමට පමණි. හොරුන් හා දූෂිතයන් කොටුකර ගැනීමේ නිශ්චිත වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැත. අතන අරක්කු තියෙනවා, මෙතන ආයුධ ගබඩාවක් තියෙනවා, අතන රේසින් කාර් එකක් හංගලා තියෙනවා කියා ජනතාව ලබාදෙන තොරතුරු පසුපස ගොස් මේ ස්ථාන වටලනවා මිස, හොරුන් හා දූෂිතයන් කොටුකර නීතිමය ක්‍රියාමාර්ගයකට යන බවක් නම් අපට නොපෙනෙයි.
මේ වනවිට හොරුන් අල්ලා ගැනීම වෙනුවෙන් වේගයෙන්ම තමන්ගේ සීමාවන් තුළ ක්‍රියාමාර්ග ගනිමින් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණත්, රන්ජන් රාමනායක මහතාත් පමණි. බොහෝ පිරිසක් දින සීයේ ඇමති පෙරේතකමට හොරුන්, මැරයන් ඉදිරියේ හොරාට නිදාගෙන සිටිති.
එක ගමකට එක වැඩක් වගේ එක දවසකට එක හොරකම බැගින් හෙළිදරව් කිරීමේ හැකියාව තිබිය දී ආණ්ඩුව හොරුන්ට මෛත්‍රී කරමින් සිටියි. හොරා අල්ලන්නේ නැතිව හොරා කෑ බඩු භාණ්ඩ, දේපළ පමණක් හෙළිදරව් කරමින් ආණ්ඩුව අමුතුම ආකාරයේ ගේමක් ගසමින් සිටියි.
හොරා කෑ බඩු පෙන්නනවාක් මෙන් හොරාවත් පෙන්විය යුතුය. හොරාට දඬුවම් හිමි විය යුතුය. දැන් හොරෙක් නැත. හොරා කෑ බඩු භාණ්ඩ ඇත. හොරු අල්ලන්නට අපි බලය දී ඇත්තේ වෙනත් හොරු පිරිසකටය. හොරු කොහොමත් හොරුන්ව ආරක්ෂා කරති.
දැන් අපට පැහැදිලි වෙමින් තිබෙන්නේ හොරුන් ඇල්ලීමට බලය දුන් හොරුන් හොරා කෑ හොරුන් සමග මොකක් හෝ ඩීල් එකක් දමා ඇති බවය. හොරු නැතුව හොර බඩු විතරක් අහුවෙන්නේ ඒ නිසාය. දැන් අපි හොරා කෑ බඩු දෙස බලා සතුටු වන්නෙමු.
බඩු අහුඋනාට හොරුන් හෙළිදරවු නොවීමෙන් තවදුරටත් හොරු දේශප්‍රේමීන් ලෙස ආරක්ෂා වෙති. සමහරක් පට්ට හොරුන්ට තවමත් දේශප්‍රේමීහු සළුපිළි අන්දවති. දැනට හසුවන්නේ භෞතිකව ඇසට පෙනෙන හොරකම් පමණි. රේසින් කාර්, ආයුධ ගබඩා, හොර අරක්කු, කන්ටේනර් මේවා භෞතිකව පේන හොරකම්ය. භෞතික ද්‍රව්‍ය ලෙස නොපෙනෙන මූල්‍ය හොරකම් කොතෙක් දැයි කිසිවෙකුත් දන්නේ නැත. ඒ හොරකම් සොයන්නට ආණ්ඩුව උත්සාහ දරන බවක්ද නොපෙනේ. ආණ්ඩුව පට්ට හොරුන්ට මෛත්‍රී කරන බව පැහැදිලිය.
මාගේ මිත්‍ර‘යෙක් පැවසුවේ &මේවා දකින කොට හංසයාට කතිරය ගහපු අත කපලා දාන්න හිතෙනවා* කියාය. ආණ්ඩුව විවේචනය කිරීම වේලාසන වැඩි යැයි සමහරුන් කීවද, මට නම් හිතෙන්නේ හංසයාට ඡන්දය දුන් බොහෝ පිරිසක් දැඩි කලකිරීමකට පත්වී සිටින බවය.

No comments:

Post a Comment