Sunday, February 7, 2016

ජීවිතය නම් පුදුම සහගතය.



ජීවිතය නම් පුදුම සහගතය. දිනෙන් දින දිරා පත්වෙමින් මරණය කරා ඇදී යන මේ ශරීරය දෙස පශ්චාත්තාපී හැඟීමෙන් මම බලා සිටිමි. ජීවිතය ගැන කලකිරෙන මොහොතෙන් පසු එළඹෙන ඊළඟ මොහොත ජීවිතයේ ආශාවන් පසුපස ලුහු බැඳ යන්නේය. මේ ආශාව නතර කළ හැක්කේ කෙසේද ? භාවනා කිරීමෙන්ද ? නිවන අවබෝධ කර ගැනීමෙන්ද ? මම ආශාවන් පසුපස හඹාගෙන යන්නෙමි. එහෙත් මම භෞතිකව එක තැන සිටිමි. මානසිකව ශරීරය හතර අත දුවයි. මම නරක මිනිසෙක් වෙමි. මගේ හොඳ යනු නරක නැති කිරීමක් නොව, නරක යටපත් කිරීමකි. අපිට හමුවන්නේ නරක යටපත් කරගත් මිනිසුන් මිස, නරක නැති කරගත් මිනිසුන් නොවේ. අපට හමුවන්නේ ඇත්තටම හොඳ මිනිසුන් නොව, හොඳ පෙන්වන මිනිසුන්ය. පෙන්වී මේ    පෑමට අප ද රැවටී අනෙකාද රවටා ඊළඟ පරම්පරාවද රවටන හැටි පුරුදු කරමින් අපි සිටින්නෙමු.

No comments:

Post a Comment