Sunday, February 7, 2016

සමාජය හින්දා ජනමාධ්‍යයේ හැඩය වෙනස් වුණාද ? ජනමාධ්‍ය හින්දා සමාජයේ හැඩය වෙනස් වුණාද ?



හැමදාම මම ලියන්න වාඩි වෙන්නේ නිශ්චිත අදහසක් නැතුව. අවුල් වෙච්ච අදහස් ගොඩක් ඔළුවේ තියාගෙන. අදහස් වැඩි වුණාම පැටලෙනවා, ලියන්න බෑ.  මේ ලිවීම මගේ නොවේ. එය කියවන ඔබේ දෙයක්. මම ලියන දේ කියවන ඔබගේ දෙයක් වෙන්නේ කොහොමද ? ප්‍රංශ ජාතික දාර්ශනිකයකු වන රෝලන්ඩ් බාත් කතුවරයාගේ මරණය (The Death Of The Author)ගැන මෙහෙම කියනවා. එහෙම වචනයක අර්ථය මතු වෙන්නේ එම ලිවීමත් එය කියවන පාඨකයා අතර සිදුවන අන්තර් සම්බන්ධයෙන් කියලා. ඒ කියන්නේ මම ලියන මේ ලිවීම... මේ අර්ථ ... මේ තුළම නෑ. මේ ලිවීම තුළ අදහස් ඉදිරිපත් කරන එකම පුද්ගලයා කතුවයරයා පමණක් නෙමෙයි. කියවන ඔබත් මෙයට සම්බන්ධයි. මමත් මෙහි අර්ථය නිෂ්පාදනය කර ගන්නවා. මම ආදරය ගැන ලියනවා කියලා හිතමු. එතකොට ඔබ එය කියවන කොට ඔබ ඒ වෙද්දි කියවලා තියන... අත්විදලා තියන... දැකලා තියන... අහලා තියන... එකිනෙකට වෙනස් අර්ථ අනුව හිතමින් එය කියවනවා. එතකොට මගේ ලිවීමේ අර්ථ නිෂ්පාදකයා මම විතරක් නෙමෙයි. ඔබත් මගේ ලිවීමේ අර්ථ නිෂ්පාදකයෙක් ... හැබැයි ඔබේ අර්ථ මගේ අර්ථ නෙමෙයි. එතකොට මගේ ලිවීම ඇතුළේ මම මැරිලා. ඔබ තමයි මගේ ලිවීම ඇතුළෙන් අර්ථ අරගෙන නව පරිකල්පනයක් ලබාගන්නේ. එතකොට එය ඔබේ දෙයක්... ලිවීම හැම වෙලාවෙම එකම මානයක නෑ. එය බහුමානික අවකාශයක කියන දෙයක්... එකම ලිවීම කියවන්නා අනුව වෙනස් වෙනවා. එතකොට රචකයාගේ අර්ථය කියලා ශූද්ධ වූ අර්ථයක් නෑ. කියවන්නාට කියලා ශූද්ධ අර්ථයකුත් නෑ.
මම හිතෙන විදිහට  නම් ලෝකයේ කිසිම දෙයකට නිශ්චිත අර්ථයක් නෑ. සියලු අර්ථ අප විසින් නිර්මාණය කර ගන්න දේවල් ... අර්ථයක් වටිනාකමත් නැතිව අපිට පවතින්නත් බෑ. ආදරය ... ප්‍රේමය අපිට අර්ථයක්.  ආදරය ... ප්‍රේමය අර්ථයක් නෑ කියලා හිතුවොත් මොකද වෙන්නේ... එතන තමයි ශිෂ්ටාචාරයේ විනාසය. ආදරය ප්‍රේමය වෙනුවෙන් හදාගන්න, හදලා දුන්න අර්ථ තියනවා. අපි ඒවා ඇතුළට ගිහිල්ලා ආදරය කරනවා. ප්‍රේම කරනවා. ආදරයට... ප්‍රේමයට ඉතිහාසයක් තියනවා. වටිනාකමක් තියනවා. ඇගයුමක් තියනවා. ඒවා අතාරින්න බෑ. ඒවා අතෑරලා සමාජය ඇතුළේ ජීවත් වෙන්න බෑ.
වැලන්ටයින් ඩේ එක දවසේ ඒ කියන්නේ පෝය දවසේ මම දියන්නව ළඟ කියන පාක් එකට ගියා... මිත්‍රයෙක් එක්ක ටෙලි නාට්‍ය පිටපතක් ගැන කතා කරන්න... අපිට වාඩි වෙන්නවත් තැනක් තිබුණේ නෑ. හැම තැනම කොල්ලෝ ... කෙල්ලේ... ඒ කොල්ලෝ කෙල්ලෝ දිහා බලද්දී මට නම් හිතුනා අපි දැන් ගොඩක් වයසට ගිහිල්ලා කියලා. හැමෝම ලස්සනයි. විශේෂයෙන් නැතැයි කියන්න කෙනෙක් නෑ. මොකක් හරි ලස්සනක් කියනවා. අඩු ගානේ ඇඳගෙන ඉන්න ඇඳුම හරි ලස්සනයි. කොල්ලො කෙල්ලෝ ළං වෙලා ෆෝටෝ ගන්නවා... තනි අතින් ... ෆේස් බුක් නම් දන්න එපා කියනවා. දැන් ෆොටෝ ගන්නේ තමන්ට බලන්න නෙමෙයි, අනුන්ට බලන්න. ඉස්සර නම් ෆෝටෝ අරගෙන තමන් බලාගත්තා... ගෙදරට එන යාළුවන්ට නෑදෑයන්ට ඇලබම් දිගහැර දිගහැර පෙන්නුවා. දැන් ෆොටෝ ගන්නේ ෆේස් බුක් දාන්න. සමහරැ කන කෑම පිගානත් ෆෝටෝ ගහලා ෆේස් බුක් දනවා. දැන් කෙල්ලෝ කෙල්ලෝ ෆොටෝ ගහන්නෙම ෆේස් බුක් දාන්න බලාගෙන. එක අතකින් ප්‍රශනෙක්තුත් නෑ... ඇල්බම්වල දැම්මාට ෆොටෝ නරක් වෙනවා... ෆේස් බුක් ඇල්බම්වල දැම්මාට නරක් වෙන්නෙත් නෑ. කරදරයක් නැතුව යාළුවන්ට බලන්න පුළුවන්...
දැන් ඉන්න තරැණ තරැණියෝ හරිම වෙනස්. එයාලට රටේ දේශපාලනය... ආර්ථිකය... ගැන එහෙම ලොකු අදහසක් නෑ. මොනවා වුණත් අපිට මොකද වාගේ අදහසකින් තමයි එයාලා ඉන්නේ... ඒ හින්දා තරැණ කැරළි නම් ආපහු ඇති වෙන්නේ නෑ... මොකද කැරළි ගහපු තරැණ තරැණියෝ දැන් ඉන්නේ පොළොව යට ... මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න තරැණයේ විදිහට අපි පෙළ ගැසෙමු කිව්වොත් ... අනේ පිස්සු කෙළින්නේ නැතුව නිකන් ඉන්න කියයි. දැන් තියෙන්නේ සේරම මාකටින් කැරළි... තරැණ තරැණියෝ කියන්නේ තමන්ගේ වෙළඳ භාණ්ඩ හා සේවා විකුණ ගන්න පාවිච්චි කරන වෙළඳ පොළක්... වෙළඳ පොළේ වෙළෙන්දොයි, පාරිභෝගිකයොයි ඇරෙන්න වෙන කවුද ඉන්නේ... ආදර කෝච්චි, ලව් ට්‍රිප්, ලව් සවාරි, වෙළෙන්දෝ ඇම විදිහට දන්නේ ... වෙළෙඳාම කරන දෙයක් නෙමෙයි. අපි හැමෝම විකිණෙනවා. හැබැයි තමන්ටත් නොදැන තමන් විකිණෙන එක. අනුන්ව විකුණන එක මොනතරම් සාහසිකද? මගේ මිත්‍රයෝ ඉන්නවා පත්තරවල, ටී.වී. චැනල්වල, වෙළෙඳ ප්‍රචාරක ආයතනවල, වැඩ කරන උන්. වැඩ කරන්නේ හරියට ඒ ආයතන උන්ගෙයි කියලා හිතාගෙන ඇඟට අරගෙන. සල්ලිවලට තමන්ගේ ශ්‍රමය විකුණන එවුන් කියලා හිතන්නේ නෑ. ආයතන ප්‍රධානීන්ට ඕන වෙලාවක පස්සට පයින් ගහලා එළියට දන්න පුළුවන් කියලා හිතන්නේ නෑ. පුදුම විදිහට ඇඳගෙන ඉන්නේ... උන් විතරක් ඇඳගෙන නතර වෙන්නේ නෑ. කොල්ලෝ කෙල්ලොන්වත් අන්දනවා. රුඩිකල් කියලා එලෝමලෝ නැති වචන පාවිච්චි කරලා වීරයෝ වෙන්න හදනවා. අද කාලේ කොල්ලෝ කෙල්ලො කියවන්නේ නෑ කියලා රස්තියාදුකර වචන වලින් ඉංග්‍රීසි කෑලි ද දා පත්තර පිටු පුරෝනවා. එහෙම වෙනකොට කොල්ලො කෙල්ලන්ට කියවන්න තියෙන්නේ ඒවා තමයි. හරියට රෑපවාහිනි නාලිකාවල ඉන්න ප්‍රධානියෝ වගේ. එයාලගේ කැමැත්ත, රැචිය තමයි රටේ ජනයාගේ කැමැත්ත, රැචිය වෙන්න ඕනේ... රටේ ඉන්න මිනිස්සු ඔය නාට්‍ය බලන්නේ නෑ. මෙන්න මේ වගේ නාට්‍ය හදන්න කියන්නේ ඔය නාලිකා ප්‍රධානියෝ ... ඉතිං ඒ නාට්‍ය තමයි රටේ මිනිස්සු බලන්න ඕනේ...
එතකොට ජනමාධ්‍යට අනුව රටේ ජනතාවගේ ජන විඥානය හැඩ ගැහෙනවා. තරැණයන්ටත් ඕකම තමා වෙලාතියෙන්නේ... ජනමාධ්‍යට අනුව තමයි තරැණයන්ගේ විඥානය හැදෙන්නේ... මම උදාහරණයක් කියන්නම්, ඔය තරැණ තරැණියන්ගෙ අරමුණු කරගෙන මුද්‍රණය කරන පත්තරවලට ලිපි ලියලා  එවන තරැණ තරැණියන්ගේ ලිවීම් දිහා බලන්න ... ඒ පත්තරවලට ලිපි ලියන ලේඛනයන්ගේ වචන ශෛලිය ඒවායේ තියනවා. ලේඛකයා අනවශ්‍ය විදිහට ඉංග්‍රීසි වචන මැද්දට දම දමා පට්ට ලල් එක කියකියා ලියන කොට ඒවා කියවන එකත්, ඒ විදිහට ලියන්න හදනවා. ඒ විදිහට කතා කරන්න හදනවා. ජනමාධ්‍ය සමාජයට බලපානවාද ? සමාජය ජනමාධ්‍යයට බලපානවාද ? කියන එක ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රයේ තියන ගැටලුක්... මේ දෙකම දෙකටම බලපානවා... කෝකද ඉක්මනට බලපන්නේ... සමාජය හින්දා ජනමාධ්‍යයේ හැඩය වෙනස් වුණාද ? ජනමාධ්‍ය හින්දා සමාජයේ හැඩය වෙනස් වුණාද ? ඒක හොයා ගැනීම අමාරැ දෙයක් ... මට හිතෙන විදිහට නම් මේ මෙහොතේ සමාජය වෙනස් කරන්නේ ජනමාධ්‍යය. එයලා තමයි අර්ථ හදලා දෙන්නේ... තරැණයන්ගේ හැඩය නිර්මාණය කරන්නේ... කනබොන, අඳින පලඳින, කතාකරන  විදිහ හදන්නේ ජනමාධ්‍ය.
දැන් ඉන්න තරැණයා ජනමාධ්‍යයේ හැඳීමක්... දැන් ඉන්න ජනයා ජනමාධ්‍ය අනුව හැදෙන්නෙත් ජනමාධ්‍යයෙන් ලැබෙන තොරතුරැ අනුව තමයි. මිනිහා පාලනය වෙන්නේ ... අදහස් වෙනස් කර ගන්නේ. මම ලියන වචන ... රෑපවාහිනියෙන් පෙන්වන රෑප රාමු අහිසංක නෑ. ඒවට බලයක් තියෙනවා. හොඳ නරක, ලද බොළඳ, සීනි බෝල, සම්භාවනීය හැමදේටම බලයක් තියෙනවා. ඒ හින්දා ජනමාධ්‍ය හසුරවන මිනිස්සුට පිස්සු නටන්න බෑ. හැබැයි අපිට තියන ප්‍රශ්නය පිස්සුව මොකක්ද කියලා දන්නේ නැතුව පිස්සු නටන්න වෙච්ච එක.
මම

No comments:

Post a Comment