Sunday, February 7, 2016

නිශ්චිත කෙළවරකින් සිතීම අවසන් කර දමා ජීවිතය ඒ තුළ දියකර දැමීම සත්‍ය හමුවීමද ?



වචන වාක්‍ය වී ගොඩ නැගෙන අදහසකින් නිවැරදිව ප්‍රකාශ කළ හැක්කේ කුමක්ද? නිවැරදිව ප්‍රකාශ කළ හැකි කිසිවක් නැත. මානව ප්‍රේමය භාෂාවක් තුළට ගැනීමෙන් ප්‍රේමයත්... භාෂාවත්, භාෂාවත්... ප්‍රේමයත් අවුලක් බවට පත්වෙයි.
 අම්මේ, මම ඔබට ආදරෙයි....* මේ වාක්‍ය ඉක්මවා ගිය අදහසක්... සංකල්පයක් හිතේ තිබේ නම්, එය භාෂාවකින් ලියා දැක්විය නොහැකි නම් කුමක් කරන්නද? හිතේ ඇතිවන හැඟීම් වලට සමාන වචන හිඟතාවයයකින් පෙළෙන අසරණ ජීවි කොට්ඨාසයක් වන මනුෂ්‍යයා ජීවිතයේ අර්ථ වචනයෙන්... වාක්‍ය‘යෙන් සොයන්නේය.
අහෝ ! වචන... තවදුරටත් මා මුලාවේ නොදමන්න.... ජීවිතය බොරු යායකි. ඒ බොරු යායෙන් බොරු තෝරා ගෙන ඇත්ත ලෙස සිතමින් ජීවත්වීම ජීවිතය ද...ජීවිතය තුළ ඇත්තක් හමුවන තුරු සිතීම අවසන් වන්නේ කොතැනින්ද...  බුදුන්ට හමුවූ සත්‍ය නිවනයි. කාල් මාක්ස්ට හමු වූ සත්‍ය පංති විරහිත කොමියුනිස්ට් රාජ්‍යයයයි. සමහරුන්ට සර්ව බලධාරී දෙවියන් වහන්සේයි.
නිශ්චිත කෙළවරකින් සිතීම අවසන් කර දමා ජීවිතය ඒ තුළ දියකර දැමීම සත්‍ය හමුවීමද ? අහෝ ! ජීවිතය තේරුම්ගත නොහැකි මායාවක පැටලී තිබේ

No comments:

Post a Comment