Saturday, February 6, 2016

පැත්තක් නැති අපි ගැත්තෝ නොවෙමු




අලුත්ගම බේරුවල ඇති වූ සිංහල මුස්ලිම් ගැටුමට සම්බන්ධව උඹ ඉන්නේ මොන පැත්තේද කියා මිතුරෙක් මගෙන් ඇසුවේය. ඕනෑම ගැටුමකට පැත්තක් තිබේ. පැත්තක් නොගෙන ඇත්ත කතා කිරීමට එක පැතක්වත්ගත් ගැත්තෙක් නොවීය යුතුය.  බොහෝ විට අපට අද දක්නට ලැබෙන්නේ පැත්තක් ගත් ගැත්තෝය. ගැත්තන්ට ඇත්ත ලෙස පෙනෙන්නේ පැත්තේ ඇත්තය. ගැත්තෝ පැත්තට අදිති. පැත්තක් නැති අපි ගැත්තෝ නොවෙමු.  ඒ නිසා අලුත්ගම බේරුවල ප්‍රශ්නය සම්බන්ධව මට ඇති එකම පැත්ත මානුෂිකවාදී පැත්ත මිස වෙන කිසිවක් නොවේ.  මනුෂත්වය නොමැති පැත්ත මගේ පැත්ත නොවේ. අමානුෂික මිනිස් ඝාතන, ප්‍රචණ්ඩත්වය මුදා හරින එකඳු පැත්තකටවත් මා අයිති නැත. එය මුස්ලිම් ද, දෙමළ ද, සිංහල ද යන්න මට අදාළ නොවේ.  අලුත්ගම බේරුවල ගැටුම් සම්බන්ධයෙන් ඔබ සිටිය යුත්තේ ද සිංහල මුස්ලිම් පැතිවල නොව, පොදු මාසුෂිකයාගේ පැත්තේය. උඹගේ දරුවෙක් මුස්ලිම් හරි; දෙමළ හරි ජාතිකයෙක් කසාද බඳිනවට උඹ කැමතිද? කියා තවත් මිතුරෙක් මගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.
&අවංකවම කියන්නේ... මොන ජාතියෙ උනත් මට ප්‍රශ්නයක් නැහැ. මනුස්සකම විතරක් ඉතුරු කර ගත්ත මසුෂයෙක් නම් එච්චරයි* කියා මම කීවෙමි.
ජනවාරිගික ගැටුම් මිනිසුන් තුළ අමානුෂිකත්වය වර්ධනය කරන සැටි අපි දැක ඇත්තෙමු. මගේ බිරිඳ දරු නැළවිලි ගී සහිත සී.ඩී. තැටියක් රැගෙන ආවාය. එහි දෙමළ බසින් කියවෙන මිහිරි දරු නැළවිලි ගීයක් තිබුණේය. බිරිඳට එම ද්‍රවිඩ දරු නැළවිලි ගීතය ලබාදී තිබුණේ ඇය සේවය කරන ස්ථානයේ සිටින ද්‍රවිඩ ජාතික තරුණයෙකි. මා එය ද්‍රවිඩ දරු නැළවිලි ගීතය බිරිඳට අලුත උපන් කුඩා දරුවාටත් අසන්නට සලස්වන විට බිරිඳගේ මව පැමිණ &ඇයි දෙමළ සිංදු අහන්න දෙන්නේ... ඕවා හොඳ නෑ* කියා කීවාය. දෙමළ කියා කියැවෙන විටත්, දෙමළ භාෂාව ඇසෙන විටත් ප්‍රභාකරන් හා ඔහු මුදාහළ ප්‍රචණ්ඩත්වය මතකයට නැගෙන නිසා මෙලෙස විරෝධය දක්වන බව මම බිරිඳට කීවෙමි. ජාතීන් ජාතීන් අතර ඇතිවෙන තුවාල ලෙහෙසියෙන් සුවපත් වන්නේ නැත. එය පරම්පරා ගණනාවක් ඉදිරියට ඇඳී යන්නේය. පෙහරවල් ගියාට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ළමයින්ට ඒ ඒ ජාතිය නියෝජනය වන ඇඳුම් අන්දවා අත්වැල් පටලවාගෙල කැමරාවලට පේන්න දුවගෙන ආවාට ජාතික සමගිය ඇති වෙන්නේ නැත. එය මසුසයාගේ අභ්‍යන්තරයෙන්ම පැමිණිය යුතු හැඟීමක් වන්නේය. එම මානුෂිකවාදී හැඟීම් පෝෂණය කිරීමට රාජ්‍යයක් වශයෙන් අප අසමත් වී සිටින්නේ බලයට පැමිණෙන කිසිම ආණ්ඩුවකට ජාතික සමගිය ඇති කිරීමට අවංක උවමනාවක් නොමැති නිසාය. දේශපාලයන බලය ලබා ගැනීමට සිංහල දෙමළ අර්බුදය කලමනාකරණය කර ගත්තේ කෙසේද ? ඒ හා සමානවම සිංහල මුස්ලිම් අර්බුදය ද කළමනාකරණය කරන්නේ දේශපාලන බලය ලබා ගැනීම පළමු තැනට පත්කරමිනි. මෙවැනි ජාතියකට අනාගතේ අත්වන ඉරනම කුමක්ද ?

No comments:

Post a Comment