Saturday, February 6, 2016

ප්‍රේමය හා පිහිය අතර සම්බන්ධයක් දැන් ගොඩ නැගී තිබෙයි



ප්‍රේමය හා පිහිය අතර සම්බන්ධයක් දැන් ගොඩ නැගී තිබෙයි

ප්‍රේමය තුළ ඝාතනය සැඟවී තිබෙන්නේය. තමන් ආදරය කළ පෙම්වතිය අන්අයෙකු සතුවීම දරාගත නොහැකි වූ පෙම්වතා ඇයට පිහියෙන් ඇන මරා දැම්මේය.
ප්‍රේමය යනු පරම පිවිතුරු උත්තරීතර හැඟීමක් නොවේ. ප්‍රේමය ලිංගික ඉරිසියාව ද,  දැඩි ආත්මාර්ථකාමී හැඟීමෙන් ද වට වී තිබේ. ප්‍රේමය සංසාර බැඳීමක්...ආත්මයෙන් ආත්මයට පතාගෙන ආ දෙයක් ලෙස ප්‍රේමකරන කාලයේ දී සිතීම ආශ්වාද ජනක වුවත්.... ප්‍රේමයෙන් ඈත් වනවිට සංසාරගත බැඳීම ද, පරම පිවිතුරු ආදරය ද අමතක කර උල්පිහියක් අතට ගැනීමට සිතෙන්නේ ඇයි? ඇතැම්හු ඇයගේ ආත්මය ඝාතනය කරති. හැරයාම වෙන්වීම දරා ගැනීමට නොහැකි වනවිට වෛරයට ඉඩදීම පිළිගැනීමේ ආරම්භයයි. මේ කුණු ශරීරයක් අයිතිකර ගැනීම වෙනුවෙන් මිනීමරා ගන්නේ ඇයි?
පෙම්වතිය ඔබව හැර ගියාම ඇයි ඇයව මරන්න හදන්නේ... පාරට බැහැලා බලන්නේ මොනතරම් ලස්සන කෙල්ලන් සිටින ලෝකයක්ද මේක කියලා. පැරණි පෙම්වතිය මරලා හිරේ ගිහිල්ලා ජීවිතේ විනාශ කර ගන්නවාද ? නැත්නම් තවත් සුන්දර පෙම්වතියකගේ ශරීරයේ අයිතිකාරයා වෙනවද කියලා හිතලා බලන්න...... ඔබ කියයි ශරීරය ඉක්මවා ගිය ආදරයක් අපි අතරේ තිබුණෙ... ශරීර අයිති කර ගැනීම නෙවෙයි ආදරය කියලා... එහෙනම් ඉතිං, ශරීරය ඉක්මවා ගිය ආදරයක් අලුත් පෙම්වතියක් හොයාගෙන පටන් ගන්න....
මම දන්නවා මතකය තමයි හරියට වද දෙන්නේ... ඇය පිළිබඳ මතකය නැගෙනවිට දරා ගන්න බැරි දුකක් ඇති වෙනවා. ආපහු ජීවිතේට ඇය තමාගේ වෙන්නේ නෑනේ කියලා හිතෙනවා.... විරහ වේදනාවට වෙන්වීමෙන් උපදින ශෝකයට මිනිස් ශිෂ්ටාචාරය පුරාම ලොකු ඉඩක් වෙන්වෙලා තියෙන්නේ මෙන්න මේ මතකයේ වෙදනාව නිසා. මතකය තමයි දුක ඇති කරන්නේ... ඇයත් සමග ගත කළ කාලය, කතාබහ කරපපු දේවල්, අනාගතය ගැන සිහින දැකපු හැටි කොහොමද එක පාරටම අමතක කරලා දාන්නේ.
මම දන්නවා මතකයන් අමතක කර දාන එක හරිම අමාරු වැඩක් කියලා. ඔබ මල් පත්තර, බොළඳ නවකතා කියවනවා නම්, මේ අමතක කිරීමේ වැඩේ තවත් අමාරු වෙනවා. විරහ වේදනාව විකුණගෙන කන මල් පත්තර කලාව ඔබගේ ඔළුව අවුල් කරනවා. බොරු සංසාරගත ප්‍රේමයන්, උත්තරීතර පූජණීය ප්‍රේම ගැන මනස්ගාත කියලවලා ඔබගේ ඔළුව අවුල්කරනවා... මෙච්චර ලස්සන කෙල්ලෝ ඉන්න ලෝකෙක, භාෂාවෙන් හදාගන්න විකාර ඔළුවට දාගෙන ඝාතනයට ඔබ යොමු වෙනවා නම්, සියදිවි නසා ගන්න ඔබ හිතනවා නම් ඔබ පල්මෝඩයෙක් නේද?
පෙම්වතිය හැර ගියාම බොහෝ දුක් වුණ මගේ මිත්‍රයන් ඇතුළු මෙය ලියන මමත් අනිත්‍ය දුකට පත් වුණත්, අද අපි සියලු දෙනා වෙනත් පෙම්වතියක් සොයා ගෙන විවාහ වී සිටිනවා. පෙම්වතිය හැර ගිය දුකට ඇය මරා දැම්මා නම්, අප දැන් සිටිය යුත්තේ හිර ගෙදර අපා දුක් විඳිමින්.... යන අය ගියාට තවත් එවැනිම අයෙක් වෙනත් ස්වරූපයකින් ජීවිතයට එනවා. ඉතිං මොකද පිහි අරගෙන බෙලි කපා ගන්නේ... පිස්සුවට ද?
පෙම්වතිය පැමිණ පෙම්වතාගේ බෑගය හැර ඇතුලේ තිබෙන්නේ මානවාදැයි කියා බැලුවාය.
“මට ඕනේ ඔයාව චෙක් කරන්න... කෝ නැගිටින්න* පෙම්වතිය කියන විට “ඇයි මොකටද?* කියා පෙම්වතා පුදුමයෙන් ඇසුවේය.
පෙම්වතිය පෙම්වතා නැගිට්ටවා පොලිස් නිලධාරියෙක්... සැකකරුවෙක් පරීක්ෂා කරන ආකාරයට පෙම්වතාව පරික්ෂා කළාය.
“දැන් මට බය නැතුව මේ ටික කියන්න පුළුවන්... අපි මේ සම්බන්ධය නවත්තමු* කියා පෙම්වතිය කීවාය.
“ඔය ටික කියන්න මොකටද මාව චෙක් කළේ* කියා පෙම්වතා ඇසුවේය. “කියන්න බෑනෙ පිහියක් හංගගෙන ඇවිල්ලා ඇඳලා ඇරියෝත් එහෙම... ඒකයි චෙක් කරලා බලලම මේ සම්බන්ධය නවත්තමු කිව්වේ* කියා පෙම්වතිය කීවාය.
&පෙම්වතියතට පෙම්වතාගෙන් වෙන්වීමට අවශ්‍ය වී මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. මෙහෙම කිව්වා කියලා ඔයා හිත අවුකර ගන්න එපා* කියා පෙම්වතිය කියන විට, පෙම්වතා ඉනේ හංගාගෙන සිටි උල් පිහිය අතට ගෙන &ඉතිං කියන්න* කියා කීවේය.
පෙම්වතිය පෙම්වතා දෙසත්, උල්පිහිය දෙසත් බලා “මං ඔයාට වෙනදටත් වැඩිය ආදරෙයි* කියා කීවාය.
ප්‍රේමය හා පිහිය අතර සම්බන්ධයක් දැන් ගොඩ නැගී තිබෙයි.

INTRO
ගැහැණු සතා සමග ලිංගිකව හැසිරීම වෙනුවෙන් පිරිමි සතුන් එකිනෙකා හා සටනට පිවිසෙති. මේ සටන් වලදී එක්කෝ දුර්වලයා පලා යන්නේය. නැති නම් මිය යන්නේය. ශක්තිවන්ත පිරිමා සතාට ගැහැණු සතා සමග ලිංගිකව හැසිරීමේ අයිතිය හිමිවේ.

No comments:

Post a Comment