Monday, February 8, 2016

වන්දි භට්ටයන්ට රාජ්‍ය මාධ්‍ය‘යේ පාලනය බාර නොදිය යුතුය





 ඔයා හරියට අයි.ටී.එන් එක වගේ වෙනස් වුණා. මට ඒක දරාගන්න බෑ. මම කවදාවත් හිතුවේ නෑ ඔයා අයි.ටී.එන් වගේ වෙනස් වෙයි කියලා. ඊයෙත් හොඳට හිටිය කිසිම අවුලක් තිබුණෙ නෑ. ඒත් අද එක පාරටම අයි.ටී.එන්. එක වගේ වෙනස් වුණා. මට හිතාගන්න බැරි වුණා  
විරහ වේදනාවෙන් සිටින පෙම්වතුන් මෙසේ පැවසුවත් අප පුදුම විය යුතු නැත. වෙනස් වීම පෙන්වීමට මේ කාලයේ ගතහැකි හොඳම උදාහරණය අයි.ටී.එන්. හා ජාතික රූපවාහියයි. මේ දෙකම එක රැයින් හිතාගන්නට බැරි ලෙස වෙනස් වුණේය.  එහෙත් ඒ වෙනස සාධනීය වෙනසක් ලෙස නොපෙනේ. මහින්ද මහත්තයට රෙදි නැතුව  කඩේ ගිය මේ චැනල් දෙක අද මෛත්‍රී මහත්තයා වෙනුවෙන්  කඩේ යාමට සූදානමින් සිටින බව පෙනේ.    වන්දි භට්ටයෝ වෙනුවට මේ වන්දි භට්ටයෝ වැඩ අල්ලා තිබේ. අපි බලාපොරොත්තු වූයේ මේ වන්දි භට්ටකම් කරන මාධ්‍ය වෙනස නම් නොවේ.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී රාජ්‍ය මාධ්‍ය හැසිරුනේ කිසිදු මාධ්‍ය සාදාචාරයකට එකඟ නොවේ. අවම මාධ්‍ය සාදාචාරයවත් නොරුස්සන්නේය. අතිශය පසුගාමී, ම්ලේච්ඡ, ගෝත්‍රවාදී ස්වරූපයෙන් මේ රාජ්‍ය මාධ්‍ය හැසිරුනේය. ශිෂ්ට සම්පන්න, සාදාචාර සම්පන්න මිනිසුන් මේ රාජ්‍ය  මාධ්‍ය දෙසවත් නොබැලුවෝය. අයි.ටී.එන්.ප්‍රවෘත්ති හිට්ලර්ට නැරඹීමට  අවස්ථාව ලැබුණේ නම් &තමුසෙ කළේ මොන මඟුලක්ද ඕයි*  කියා නොබෙල්ස්ට බැණ වදිනු ඒකාන්තය. එකී ප්‍රවෘත්තිය නැවත නැවත පළ කරමින් දේශපාලන කතා විකෘති කරමින් අයි.ටී.එන් වන්දි  භට්ටයෝ ශිෂ්ට සම්පන්න මාධ්‍ය සාදාචාරය අමු අමුවේම වලපල්ලට යැව්වෝය. මේ තුප්පහි මාධ්‍ය භාවිතයේ පියවරු සිටියේ අයි.ටී.එන් නාලිකාවේය. දැන් මේ වන්දි භට්ටයෝ මෛත්‍රී පාලනයෙන් මෛත්‍රිය බලාපොරොත්තුවෙන් සිටිනවා විය යුතුය. ජනමතය කොල්ලකෑමටත්, විකෘති කිරීමටත් මේ වන්දි භට්ටයෝ දිවා රෑ වෙහෙසුණෝය. විමසුම් කතා ලීවෝය. රජ පවුලේ මඩ හේදුවේය. දේශප්‍රේමි වැල් බයිලා ගසා ජනයා ඇන්දුවේය. ආශ්චර්ය මවා පෙන්නුවේය. මම එකල මේ වන්දි භට්ට මාධ්‍ය ඔස්කාර්ලාට මෙසේ පැවසුවෙමි. &ඔයිට වඩා නම්බුකාරයි නේද වික්‍රමසිංහපුර හන්දියේ දෙකේ දෙකේ ලේන්සු ටිකක් එලාගෙන හිඟාකෑව නම්*
මුදල් වෙනුවෙන් ඇසට පෙනන සත්‍ය විකෘති කර ඊනියා දේශප්‍රේමයක් මවමින්, රඟමින් මාධ්‍ය තුළ  කෑගැසූ මේ නිවට මාධ්‍ය‘වේදීන් දුටු තැන හූ තැබිය යුතුය. පන්නා දැමිය යුතුය*
පුළුල් දැක්මක් සහිත මිනිසුන් මේ රාජ්‍ය මාධ්‍ය ආයතන බාරගත යුතුය. වන්දි භට්ටයන්ට රාජ්‍ය මාධ්‍ය‘යේ පාලනය බාර නොදිය යුතුය. මෛත්‍රී පාලනයේ සැබෑ වෙනස පොදු ජනයාට දැනිය යුතුය. වන්දි භට්ටයන්ට එය කළ හැකි නොවේ. ජාතික රූපවාහිනියෙත්, අයි.ටී.එන්.නාලිකාවෙත් එම සුබවාදී වෙනස එළඹෙන තෙක් අපි බලා සිටින්නෙමු.

No comments:

Post a Comment