Monday, February 8, 2016

ඔයාගේ මරණය මට ආදරය කියලා දෙනවා







ජීවිතය තුළ මරණය නොතිබෙන තැනක් නොමැත. මරණය ගැන මා ලියන මේ මෙහොතේ දී හෝ මට මරණය හිමිය. ඒ නිසා ජීවිතය ගැන අප සිතනවා හා සමානවම මරණය ගැනද අප සිතිය යුතුය.
පසුගිය දිනවල අපට මරණය ගැන සිතීමට පොළඹවන සිද්ධි කිහිපයක් සිදුවිය. ඉන් එකක් නම් කාන්තාරයක විනෝද චාරිකාවක් යමින් සිටි ගුවන් සේවිකාවගේ මරණයයි. ඇය මැයි මාසයේ විවාහ වීමට සියලු කටයුතු සූදානම් කරමින් සිටියදී මංගල ඇඳුමින්ම අවසන් ගමන් ගියාය. අනෙක් සිදුවීම නම් බටුවත්තේ සිදුවූ දුම්රිය අනතුරයි. එකම පවුලේ හතර දෙනෙක් එකම තැන මරණයට පත් වූහ.  මැරතන් තරගය අතරතුර මරණයට පත් වූ ශිෂ්‍යාගේ මරණයද අපගේ හදවත කම්පා කළේය.  ප්‍රාණය නිරුද්ධ සිරුර බදාගෙන හඬා වැලපෙන මවගේ රූප රාමු පෙළ ජීවිතයේ ඇති අවිනිශ්චිත බව අපට පෙන්වා දෙන්නේය.
මේ සියලු මරණ ඔවුනට හිමි, අපට අහිමි දෙයක් නොවේ. මේ මරණය අපටද හිමිය. ඒ ඔවුන්ගේ වාරයයි. අපිටද මරණයේ වාරය පැමිණෙයි. එවිට අප අනෙකාගේ මරණය දෙස බලන ආකාරයෙන් අනෙකාද අපගේ මරණය දෙස බලනු ඇත.
අප විනෝද චාරිකා යන්නේ මරණය බලාපොරොත්තුවෙන් නොවේ. විනෝද චාරිකා යන හැම දෙනාම මරණයට පත්වන්නේ ද නැත. එහෙත් විනෝද චාරිකාව තුළ වුවද මරණය සැඟව තිබිය හැක. කොතෙක් අනාගත සැලසුම් තිබුණද මරණය පැමිණි විගස සියලු සැලසුම් අතහැරදමා යා යුතුව ඇත. රේස් දුවන්නේද, ගෙයින් එළියට බැස ගමන් බිමන් යන්නේද මරණය බලාපොරොත්තුවෙන් නොවේ. එහෙත් නොසිතූ මෙහොතක මරණය පැමිණෙයි. සියලු වෙන්වීමක් තුළින්ම මට නම් ගෙන එන්නේ මරණීය වේදනාවකි. ඇස ගැටෙන මායිමෙන් ඉවත්ව ඈතට යන්නන්, නැවත ජීවිතයම රැගෙන එතැයි විශ්වාස කරන්නේ කෙසේද‍?
 මගේ ආදරය පිරී ඇත්තේ මරණයට ඇති භීතිය හා මරණයට ඇති වේදනාව තුළිනි. ඔයා කොයි වෙලාවෙ හරි මැරෙනවා කියල මම දන්නවා. ඒ හින්දා ඔයා නැතිවෙයි කියන බයෙන් මගේ ආදරය පිරිලා ඉතිරිලා යනවා. ඒක මහ පුදුම හැඟීමක්... ඔයාගේ මරණය මට ආදරය කියලා දෙනවා. මම ආසයි මරණය ගැන හිතලා දුක් වෙන්න... එතකොට මට ඔයාට ගොඩක් ආදරය කරන්න පුළුවන්...*
 ඕක පිස්සුවක්... මිනිස්සු ආදරය කරන්න ඕනේ මරණයට නෙමෙයි, ජීවිතයට. ඔයා ආදරය කරන්න හදන්නේ මගේ මළකඳට
 ඔයාගෙ මැරුණු ශරීරය මම හැමවෙලාවෙම දකින හින්දා තමයි ජීවත්වෙලා ඉන්න ඔයාට අසීමිතව ආදරය කරන්නේ... 
 මළකඳකට ආදරේ කරන මිනිහෙක් මට මොකටද? මම යනවා...
  ඔයාට මම කියන දේ තේරෙන්නෙ නෑ... මමත් කවද හරි මැරෙනවා කියලා ඔයාට හිතන්න පුළුවන්

No comments:

Post a Comment