Sunday, February 7, 2016

හතළිස් අටේ ඉඳන් අපි ගියේ අයාලේ.



බෙල්ලෙ වැල දාගෙන මැරෙන එක දැන් මෝස්තරයක් වෙලා. තවත් අය බෙල්ලේ වැල දාගෙන මැරෙයි කියලා මම ඊයේ රූ පත්තරේක තීරැ ලිපියකට ලිව්වා. අද උදේ පත්තරේ බලනකොට ජංගම දුරකථනයක් බිල්ලක් ගනියි කියලා පත්තරේ තියෙනවා. පෙම්වතා දීපු ජංගම දුරකථනය අම්මා අරගෙන අවවාද කළා කියලා තමයි අවුරැදු දාසයක දැරිය බෙල්ලේ වැල දාගෙන මැරිලා තියෙන්නේ. දැන් මේක මානසික රෝගයක් වෙලා. දැන් මේ සියදිවි නසා ගැනීමේ ආශාව බෝවෙලා. වහාම පිළියම් යෙදුවෙ නැත්නම් මේ සියදිවි නසා ගැනීම රුල්ලක් බවට පත්වෙනවා. ෆේස්බුක්...ජංගම දුරකථන හින්දා බෙල්ලේ වැල දා ගන්නවා. ඒ හින්දා ෆේස්බුක්,  ජංගම දුරකථන තහනම් කරන්න ඔනේ කියලා මෝඩ අදහස් ගේන එක නෙවෙයි දැන් කරන්න ඕනේ. මේ සියදිවි නසා ගැනීමේ මානසික රෝගය ව්‍යාප්ත කරන්නෙ වෙන කවුරැවත් නෙමෙයි, ජනමාධ්‍ය. ජනමාධ්‍ය මේවා වාර්තා කරන්නේ තවත් කාටහරි බෙල්ලේ වැල දාගෙන මැරෙන්න ආස හිතෙන විදියට. අර කුරැණෑගල වෙනුෂා දැරිවියගේ ලස්සන ඡායාරෑප දමදමා ඇගේ මරණය මොන තරම් කැත විදියට ජනමාධ්‍ය විකුණගත්තද? ඩෙංගු රෝගය බෝ කරන්නේ ඩෙංගු මදුරැවා වගේ මේ සියදිවි නසා ගැනීමත් බෝ කරන්නේ ජනමාධ්‍ය. මේකට ෆේස්බුක්, ජංගම දුරකථන තහනම් කරන්න කලින් මේ සියදිවි නසා ගැනීම් ජනමාධ්‍ය තුළ වාර්තා කරන විදිය ගැන පර්යේෂණයක් කරන්න වෙනවා. දරැවන් ගැන සම්පූර්ණ වගකීම දෙමාපියෝ ගන්න ඕනෙ කියලා මතයක් මේ සමාජය පුරා පැතිරෙනවා. ඒ හින්දා වෙනදාට ගණන් නොගන්නා  දේවල් ගැන දැන් උවමනාවටත් වඩා හොයලා බලනවා, අවවාද කරනවා, දඬුවම් කරනවා. ජංගම දුරකථන උදුර ගන්නවා, ෆේස්බුක් යාම තහනම් කරනවා. ළමයින් බෙල්ලෙ වැල දාගෙන මැරෙන කොට දෙමාපියො තමන්ගෙ දරැවො ගැන බයෙන් එක පාරට මේ විදියට නීති දාලා අවවාද කරන්න යාම තවත් අවුලක් ඇති කරනවා. පෙම්වතා එක්ක කතා කරපු දුරකථනය එක පාරට උදුර ගන්නවා. ඒ ළමයා බෙල්ලේ වැල දාගන්නවා. මේ එක එක පණ්ඩිතයො කියන මෝඩ කතා අහගෙන ඒවා පිළිපදින්න ගිහිල්ලා තමන්ගේ ළමයි මරාගන්න එපා. දැන් ළමයි දෙමාපියන්ගේ පාලනයෙන් මිදිලා ගොඩක් දුර ගිහිල්ලා. ඒක  වැරැද්දක් නොවේ. දෙමාපියන්ට කරන්න දෙයක් නෑ. ජංගම දුරකථන, ෆේස්බුක්, ඉන්ටර්නෙට් මානව සම්බන්ධතා වෙනස් කරලා. ඒක තේරැම් නොගෙන ළමයින්ට මෝඩ විදියට අවවාද කරන්න යන්න එපා. ඔය අවවාද කරන දෙමාපියෝ තරැණ කාලේ ආදරය කළේ පොත් අස්සේ ලියුම් දාලා දීලා. අද ඒක ජංගම දුරකථනයෙන්, එස්.එම්.එස්. එකෙන්, චැට් එකෙන්, වෙබ්කැම් එකෙන් වෙනවා. එකම හැඟීමට යොදාගන්න තාක්ෂණය විතරක්  අද වෙනස්වෙලා. ඉතිං තාක්ෂණයට වෛර කරලා වැඩක් නෑ. ඔබගේ දරැවා විනාශ කරන්නේ ජංගම දුරකථනයවත්, ඉන්ටර්නෙට් එකවත් නෙවෙයි. ජංගම දුරකථනය, ඉන්ටර්නෙට්, ෆේස්බුක්, වෙබ්කැම් නොවේ අවුල. ඒක පාවිච්චි කරන විදිහේ තමයි අවුල තියෙන්නේ. ඔය අවුල ලියුම් මාරැ කිරිල්ලෙත් තියෙන්න පුළුවන්. දැන් ගොඩක් දෙමාපියෝ, වැඩිහිටියෝ හිතාගෙන ඉන්නේ ෆේස්බුක් එක ළමයාගෙ බෙල්ලට වැල දාලා මරණවා කියලා. ඒ හින්දා ෆේස්බුක් තහනම් කරන්න කියනවා. වාහන වලට හැප්පිලත් මිනිස්සු මැරෙනවා. එතකොට වැරුද්ද තියෙන්නේ අදාළ වාහනයේද? වාහනය තහනම් කළොත්, වැඩේ හරිද? ජනමාධ්‍ය මේ සිද්ධිය වාර්තා කරන්නේ ෆේස්බුක්, තවත් බිල්ලක් ගනී කියලා. ජංගම දුරකථනයත් බිල්ලක් ගනී. ෆේස්බුක් නිසා ශිෂ්‍යාවක් බෙල්ලේ වැල දාගනී කියලනේ. එතකොට තහනමට වඩා දෙයක් හිතන්නෙ නෑ තමයි. දැන් රථවාහන  අනතුරැ වලින් මිනිස්සු මැරෙන කොට %ත්‍රීවීලය මිනී මරයි^... %මෝටර් බයිසිකලය නිසා මරැට....^ %වෑන් එක මගියා හප්පා මරයි^... %ලොරිය මහ මග පවුලම මරා දමයි^ කියලා ජනමාධ්‍ය වාර්තා කරනවාද? නෑ නේ... වාහන හඳුන්වන නම් දාලා ජනමාධ්‍ය නම් කළොත් මේ විදිහට %නිසාන් ලොරිය මහමග පවුලම මරා දමයි^...%මරැටි කාරය මගියා හප්පා මරයි^ මෙහෙම දැම්ම අවුල් නේද... ඒ වගේ තමයි ෆේස්බුක් නිසා මැරෙනවා කියන කතාවත්... හැබැයි ඒ අවුල අපිට තේරෙන්නෙ නෑ. වාහන වලට මිනිස්සු මරන්න බෑ. වාහන එලවන  අය තමයි මිනී මරන්නේ. ෆේස්බුක් එකට මිනී මරන්න බෑ. ෆේස්බුක් පාවිච්චි කරන අය තමයි මිනී මරන්නේ... එතකොට අවුල තියෙන්නේ කොතනද? වාහන වල හැප්පෙනවා කියලා වාහන තහනම් කරනවා වගේ මෝඩ වැඩක් තමයි ෆේස්බුක්...ඉන්ටර්නෙට්...ජංගම දුරකථන තහනම් කිරීම. මේ හැම දේටම විනය තමයි අවශ්‍ය. ජංගම දුරකථනය පාවිච්චි කරන්න ඕනේ මොනදේටද? පාවිච්චි කළ යුත්තේ කොතනද? ෆේස්බුක් එක මේ විදියට පාවිච්චි කළොත් මේ විදිහට ගැටලු එන්න පුළුවන්... පෙම්වතා නිරැවත් ඡායාරෑපය ගත්තම කවදා හරි මට මෙහෙම වෙන්න පුළුවන්... වෙබ්කැම් ඉස්සරහ ඇඳුම් ගලවලා දැම්මාම ඒවා රෙකෝඩ් කර ගන්න පුළුවන්... ඒවා කවදා හරි තමන්ට විරැද්ධව පාවිච්චි කරන්න පුළුවන්... මේ වගේ අවබෝධයක හිටියොත් ගැටලු අඩුයි... මොන ප්‍රශ්නෙ ආවත් මැරෙන්න හදන එක නම් මහ මෝඩ වැඩක්... ඔය මැරිච්ච අයට හිතන්න පුළුවන් නම් ඒ අයට දැන් හිතෙනවා ඇති මැරැණු එක අපරාධයක් කියලා....
ගොඩක් වැඩිහිටියො හිතනවා තරැණයන්ට, ළමයින්ට හරි මග පෙන්නුවෙ නැත්නම් අයාලේ යනවා කියලා. තරැණයන්ට, ළමයිට හරි මග පෙන්නන්න ඉන්න වැඩිහිටියොත් දැන් අයාලෙ තමයි යන්නේ. දේශපාලනිකව, සංස්කෘතිකව, ආර්ථිකව අපි අයාලේ තමයි යන්නේ. යන මග හරි මග කියලා දෙයක් නැතුව යනවා. ආගම දහමත් අයාලේ යනවා.
මහ එවුන් අයාලේ යන ගමන් පොඩි එවුන් හරි මගට ගන්න හදනවා... හතළිස් අටේ ඉඳන් අපි ගියේ අයාලේ... කාටද අපිව හරි මගට ගන්න පුළුවන්. හරි මගක් කියලා එකක් තියනවද?
මේක ලියන මමත් යන්නෙ අයාලේ කියලා මට හිතෙනවා. කියවන ඔබත් අයාලේ යනවා ඇති. තවත් අයාලේ යන්න බැරි හින්දා මේ ලිවීම මම නවත්වනවා.

No comments:

Post a Comment