Saturday, February 6, 2016

ගැහැනු සතා සමග ලිංගිකව හැසිරීම වෙනුවෙන් පිරිමි සත්තු එකිනෙකා හා සටනට පිවිසෙති



ගැහැනු සතා සමග ලිංගිකව හැසිරීම වෙනුවෙන් පිරිමි සත්තු එකිනෙකා හා සටනට පිවිසෙති. මේ සටන්වලදී එක්කෝ දුර්වලයා පලා යන්නේය. නැතිනම් මිය යන්නේය. ශක්තිවන්ත පිරිමි සතා සමග ගැහැනු සතාට ලිංගිකව හැසිරීමේ අයිතිය හිමි වේ.
මිනිසා ද සතෙක් නිසා ස්ත්‍රීන් වෙනුවෙන් පිරිමි සටනට පිවිසෙති. වනන්තරයේ සතුන් මෙන් ස්ත්‍රීන් වෙනුවෙන් සටන් කරන පිරිමින් ද සිවිල් බලය හා ආර්ථික ශක්තිය යොදා ගනිමින් ස්ත්‍රීන් දඩයම් කරන පිරිමින් ද මිනිස් වනාන්තරයේ ජීවත් වෙති.
අනෙකාට අයිතිවනු දැකීමේ ඉරිසියාවෙන් පිරිමි සත්තු ගැහැනු සතුන් මරා දමන්නේ නැත. නමුත්, මිනිස් සතා එසේ කරයි. සතාට වඩා මිනිස් සතා සංකීර්ණ මනෝභාවයන්ගෙන් යුක්තය. මිනිස් සතාගේ හැසිරීම තේරුම් ගැනීමට මිනිසාටවත් බැරිවී තිබෙයි.

No comments:

Post a Comment