Monday, February 8, 2016

හමුවීම වෙන්වීම සියල්ල රඳා පවතින්නේ කාලය මතය



ජීවිතය ඇත්තේ කාලය තුළද? කාලය ඇත්තේ ජීවිතය තුළද? කාලය, වෙනසට හේතු වෙයි. වෙනස දුකට හේතු වෙයි. දුක අවබෝධයට හේතුවෙයි.  අවබෝධය  කාල අවකාශය වෙනස් වීමද ජය ගෙන දුකෙන් මුදවා ගැනීමට සමත් වෙයි.
කාලය විසින් අපට බොහෝ දේ ලබා දෙනවා මෙන්ම බොහෝ දේ උදුරා ගනියි. කාලය අප එක්කරනවා සේම අප වෙන්කර දමයි. හමුවීම වෙන්වීම සියල්ල රඳා පවතින්නේ කාලය මතය. සියලු මතකයන් ගබඩාකර ගැනීමට උපකාර වන්නේද කාලයයි. කාලය විසින් අපට ළමා කාලයත්, තරුණ කාලයත්, මහලු කාලයත් ලබා දෙනවා මෙන්ම කාලය විසින් මරණයද නියමිත වෙලාවට ලබා දෙන්නේය. මරණයට පත්වීම වළක්වා ගැනීමට නම් කාලය ගත වීම වළක්වා ගත යුතුය. එසේත් නැතිනම් අප කාල අවකාශයෙන් ඉවතට පැන ජීවත් විය යුතුය.
කාලය පිළිබඳව සිතීම, කාලයක් ඇතැයි යනුවෙන් සිතා ජීවත් වීම කාලයට ජීවිතය බැඳ තැබීමකි. කාලයක් නැත යනුවෙන් සිතීම කාලයෙන් ගැලවීමට මාර්ගය නොවෙයි. යමක් %නැත^ යනුවෙන් සිතන්නේ එය තිබූ නිසාය. %නැත^ යන්නම %ඇත^ වන්නේ ඒ නිසාය. %ඔබ මා අසල හිටියා, හැබැයි දැන් නැහැ^, ඔබ නැති වන්නේ ඔබ සිටි නිසාය. ඔබ නොසිටියා නම් %ඔබ නැත^ යනුවෙන් මම සිතමින් දුක් නොවෙමි. %ඇත^ යනු නැතය. %නැත^ යනු ඇතය. ඇත, නැත යන දෙකටම හසුනොවන මානයක ජීවත් වීමට හැකි නම්, එතැන නියම සතුට ඇත. කාලය තුළ සතුට තාවකාලිකය. කාලය තුළ දුකද තාවකාලිකය. කාලය තුළ අපි දුකට, සතුටට පනිමින් ජීවත් වෙමු. කාලය තුළ අපි සතුට අත්පත් කර ගැනීමට වෙහෙසෙනවා සේම, දුක ඇති කර ගැනීමටද එලෙසම වෙහෙසෙන්නෙමු.
භෞතික දුක පරාජය කොට භෞතික සතුටක් භෞතිකය තුළ අත්පත් කර ගත්තද, ආධ්‍යාත්මික දුක පරාජය කොට ආධ්‍යාත්මික සතුට අත්පත් කර ගැනීම ලෙහෙසි පහසු නොවේ. එය භාෂාවට හසුනොවෙයි. භාෂාමය හරඹයකින්, භාෂාමය විනිශ්චයකින් ආධ්‍යාත්මික සතුට විග්‍රහ කළ නොහැකිය. ආධ්‍යාත්මික සතුට භාෂාවෙන් අර්ථ ගැන්විය නොහැකිය. එහෙත් භෞතික සතුට භාෂාවෙන් අර්ථ ගැන්විය හැකිය. භෞතික සතුට හඹා ගොස් ලබාගත හැකිය.
භෞතික සතුට කාලය හරහා සොයමින් යන අපි ඒ භෞතිකයට අනුව ශරීරයද ක්ෂය වී මරණයට පත්වන අයුරු දකින්නෙමු. මිදීමත්, සැනසීමත්, ගැලවීමත් අවශ්‍යය. කුමක්ද මේ ගෙවාදමමින් සිටින ජීවිතයේ අර්ථය. මෛත්‍රී පාලනයට නම් ඒ ගැඹුරු අර්ථය අපට ලබා දිය නොහැක.

No comments:

Post a Comment