Sunday, February 7, 2016

මිනිසුන් සිතන්නේ මිනිසුන්ට හිතෙන හැටියට නොව, හිතන්නට සකස් කර තිබෙන හැටියටය



මිනිසුන් සිතන්නේ මිනිසුන්ට හිතෙන හැටියට නොව, හිතන්නට සකස් කර තිබෙන හැටියටය. ඔබ සිතන්නෙත්, ඒ සිතුවිලි  අනුව ජීවිතය ගෙනියන්නෙත්, ඔබට අවශ්‍ය විදිහටද? සිතන පිළිවෙළ ගැන සිතූවිට සිතීමේ ගැටලුව අවබෝධ වෙයි. සිතීමට බලකරන ලද සංස්කෘතික, දේශපාලනික රාමුවත් හිස් මත බලෙන් පටවන විට සිතීම ද රාමුගත වෙයි.
ජාතිවාදී රාමු, ආගම්වාදී රාමු, ආදරය පිළිබඳ රාමු, විවාහය පිළිබඳ රාමු, අධ්‍යාපනය පිළිබඳ රාමු ආදිය ගැන සිතූ විට ජීවිතයම රාමුගත වී තිබෙන බව හොඳින් සිතූ විට වැටහේ. හොඳ-නරක, කැත-ලස්සන, යහපත්-අයහපත් මේ සියල්ල පිළිබඳ විනිශ්චය ලබාදෙමින් සිතීමට රාමු සකස් කර තිබේ.
අපි කුමක් කරන්නෙමු ද රාමු ගත වී සිතීමට ඉඩ දෙනවා මිස. රාමුව බිඳ දමමින් සිතීම ද තවත් රාමුවක් සාදන්නේය. ශිෂ්ටාචාර ගත මිනිසාගේ සිතීම ආරම්භ වූ දා පටන් ඔහු සාදාගත් සංස්කෘතික ජීවිත රාමුවලට සීමා කරගත්තේය. දැන් රාමුව බිදීම ද තවත් රාමුවක් සාදන නිසා සීතිමේ ක්‍රියාවලියට දාර්ශනික අවුලක් නිර්මාණය කර තිබේ.
සිතීම ගැන සිතන්නට නම් සිතීම විනෝදාංශයක් කරගෙන සිතන්න. සිතීමට අසුනොවන අවබෝධයක් කරා යා හැකි සිතීමට සිතීම තුළම ඉඩ තිබේ.

No comments:

Post a Comment