Saturday, February 6, 2016

අඥානයාට වඩා තක්කඩියා භයානකය



සමාජ, දේශපාලන හා ආර්ථික වට පිටාවේ අසාර්ථකභාවය පිළිගත හැකි සත්‍යයන්ගේ එකතුවක් ලෙස ගොඩනැගෙන විටදිත්, එය නොපිළිගෙන සිටින්නේ අඥාන භාවය නිසාද ? තක්කඩිකම නිසාද ? යන්න තේරුම් ගැනීමට අපහසු වී තිබේ. මෝඩයාට ඥානයක් නොමැති නිසා සියලු අයුක්ති සහගත, අසාධාරණ පාලන ක්‍රමය ඉවසාගෙන එහි පැවැත්ම වෙනුවෙන් කටයුතු කරයි. තක්කඩියා ස්වකීය පැවැත්ම හා බඩගෝස්තරවාදය වෙනුවෙන් අයුක්තිසහගත, අසාධාරණ පාලන ක්‍රමය ඉවසමින්, එහි පැවැත්ම වෙනුවෙන් තම බුද්ධිමය ශ්‍රමය ද වගුරුවමින් මතවාදයන් නිර්මාණය කරයි. අඥානයාට වඩා තක්කඩියා භයානකය. සමාජයට හානිදායකය. අඥානයාට අනුකම්පා කරන්න... තක්කඩියාව දුටු දුටු තැන අනුකම්පා විරහිතව මතවාදී ප්‍රහාර එල්ල කරමින් ප්‍රතික්ෂේප කරන්න.

No comments:

Post a Comment