Thursday, August 24, 2017

ඇතැම් ආගමික ඉගැන්වීම් ශිෂ්ට සම්පන්න ලෝකයට කිසිසේත් නොගැළපෙයි


 සිංහල ජාතිවාදය කිසියම් ප්‍රමාණයකින් යටපත් වනවිට මුස්ලිම් ජාතිවාදය ගෝත්‍රික ලෙස හිස එසවීම බෙහෙවින් කනගාටුදායකය. මේ අන්තවාදී මුස්ලිම්වරු රටේ නීතියට ඉහළින් ආගමික සම්ප්‍රදාය රැකිය යුතු බව පවසයි. මුස්ලිම් ගැහැනු දරුවෙකු විවාහවීමේ වයස තීරණය කරනු ලබන්නේ රටේ නීතිය මිස ආගම් නොවේ. කවර ආගමික ඉගැන්වීම් තිබුණද, ඒ සියල්ල රටේ නීතියට යටය. ආගම තිබෙන්නේ රජය තුළ මිස රාජ්‍යයට ඉහළින් නොවේ. ඇතැම් ආගමික ඉගැන්වීම් ශිෂ්ට සම්පන්න ලෝකයට කිසිසේත් නොගැළපෙයි. ගැහැනු ළමයෙක් මල්වර වූ පසු විවාහය සඳහා  සුදුසු යැයි පවසන්නේ අශිෂ්ට ගෝත්‍රිකයන් මිස ශිෂ්ට සම්පන්න මිනිසුන් නොවේ.
මානව සමාජය පරිණාමය වී ආවේ කෙසේද? ශිෂ්ටාචාරය බිහි වී ශිෂ්ට සමාජයක් ගොඩනැගුනේ කෙසේද? ගල්යුගයේ දී සියල්ලෝ එකට ජීවත් වූහ. ඔවුන්ට ලිංගික තහංචි නොතිබුණි. පවුලේ සියල්ලෝම ලිංගික සම්බන්ධතා පැවැත්තුවෝය. අම්මා, පුතා, තාත්තා, දුව  කියා වෙනසක් නොතිබුණි. මානව ශිෂ්ටාචාරයේ එක්තරා අවදියක සහෝදර සහෝදරියන් අතර ලිංගික සම්බන්ධතා පැවැත්වීම චාරිත්‍රයක් බවට පත්ව තිබුණි. පසු කලෙක පවුල් ඒකකය තුළ ලිංගික සම්බන්ධතා පැවැත්වීම් තහනම් කළේය. පසුව එය නීතියක් බවට පත්විය. පියා දියණිය සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. සදාචාරයට, සංස්කෘතියට  එරෙහිවීමකි. මල්වර වූ අවුරුදු දහයේ දොළහේ ගැහැනු දරුවන් විවාහයට සුදුසු බව කියන මේ අන්තවාදී ගෝත්‍රිකයන් වහාම රෙදිගලවා වනාන්තරයට දැක්කිය යුතුය. අවාසනාවට කාරණය මෙය නොවේ.  විවාහ වීමට වයස් සීමාවක් අවශ්‍ය නොවන බව පවසව මුස්ලිම් ස්ත්‍රීන්ද සිටීමය. ගෝත්‍රික මුස්ලිම් පිරිමින්ට සහය දක්වමින් ගෝත්‍රික ගැහැනුන්ද විශාල පිරිසක් මේ උද්ඝෝෂණය පිටුපසින් ගමන් කිරීම ලැජ්ජා සහගතය.
බොහෝ ප්‍රගතිශීලී බෞද්ධයෝ සිංහල ජාතිවාදයට විරුද්ධව හඬනැගුවෝය. එහෙත් මේ අන්තවාදී මුස්ලිම් සංවිධානයට විරුද්ධව හඬනගන මුස්ලිම්වරුන් නැති තරම්ය. මුස්ලිම් දේශපාලකයෝ ගල්ගිලූ ඉබ්බන්සේ නිහඬව සිටිති. මේ නිහඬ බව නිසා  ජාතිවාදයට විරුද්ධ සිංහලයන්ද ජාතිවාදය දෙසට ඉබේම තල්ලු වී යන්නේය. ඤාණසාරහිමිට බැණ වැදීමෙන් ජාතිවාදී නොවන සිංහලයන් සතුටුවෙතැයි සිතීම මෝඩකමයි. මුස්ලිම්වරු අන්තවාදය කරට ගන්නේ නම් ප්‍රගතිශීලී ජාතිවාදී නොවන සිංහලයන්ද ජාතිවාදය කරට නොව, ඔළුවටම ගැනීමට සූදානම් බව මේ අන්තවාදී ගෝත්‍රික මුස්ලිම්වරුන්ට මතක් කර දිය යුතුව තිබේ.

No comments:

Post a Comment