සැබෑ මම සහ සැඟවුණ මම එක්කෙනෙක් නෙමෙයි, දෙන්නෙක්. සැඟවුණු මම මේ
ලියන මම හරහාවත් එළියට එන්නෙ නෑ, එහෙම එළියට ගන්න බෑ.
අවිඥානික ආශාව මටම ආවේණික වුණු, සමහර විට මම දන්න දෙයක්. ඒ වගේම නොදන්න දෙයක්. සංස්කෘතික
ජීවියෙක් විදිහට මම හැමවෙලාවෙම උත්සාහ කරන්නේ අවිඥානික ආශාව හංගගෙන ජීවත් වෙන්න. අවිඥානික
ආශාව එළියට ආවොත් මම හොඳ පියෙක් නෙවෙයි. සැමියෙක් නෙවෙයි. පුතෙක් නෙමෙයි. මම
එහෙනම් වල් සතෙක්. මම විතරක් නෙමෙයි ඔබත් එහෙමයි කියලා මම දන්නවා. හීලෑ කරගන්න අංග
සහිත වල් සත්තු ගොඩක් ඇතුළෙ තමයි අපි ජීවත් වෙන්නේ. කිසියම් මොහොතක සියලු
මිනිසුන්ගේ අවිඥානය එළියට ආවොත් මොනව වෙයිද? ඔන්න එතකොට අපි අර වල්සතාව මුණගැහෙනවා.
හංගන්න දෙයක් නැති ඇත්ත අපිට හම්බවෙනවා. ආදරය වෙනුවට කාමය මුණගැහෙනවා. දැන් ආදරය
මුලට දාලා කාමයනෙ අගට එන්නේ... මුල තියෙන දේ නෙවෙයි අග තියෙන්නේ. සංස්කෘතික ජීවිතේ
හැටි එහෙමයි. අපි කතා කරන, අපිට පේන්න තිබෙන කිසිම දෙයක් ඇත්ත නෙමෙයි. මුළු
සංස්කෘතික ජීවිතේම මුළාවක්, විකෘතියක්. ඒක ටික ටික තේරුම් යනකොට සමාජය මාර
කොමඩියක් විදිහට පේන්න පටන් ගන්නවා. ඔය වැඩේ ගැඹුරෙන්ම තේරුම ගත්ත කෙනා ගිහිගේ අතහැරලා දාලා වනගත
වෙනවා. භාවනා කරලා විමුක්ති මාර්ගයට පිවිසෙනවා. මේක හිතල හිතලා ඔළුව අවුල්කර
ගත්තොත්, පිස්සෙක් වෙනවා.
නිගණ්ඨනාථපුත්තගේ අනුගාමිකයෝ හෙළුවෙන් ඉන්නේ පිස්සුවකට නෙමෙයි. අපි
ඇඳුම් ඇඳලා හංගනවා අපේ අවිඥානය. ඔන්න පිරිමියෙක් රූමත් තරුණියක් එක්ක ප්‍රේමය ගැන
කතා කරනවා. &මම ගිය ආත්මෙත් ඔයාගෙම වෙලා ඉන්න ඇති, මේක සංසාරගත ප්‍රේමයක්*
කියල කියනවා. ඔය අතරේ පිරිමියගෙ ලිංගය ප්‍රාණවත් වෙනවා. හැබැයි අර තරුණිය ඒක
දකින්නෙ නැහැ. පිරිමියගෙ ඇඳුම ලිංගයේ සැබෑ ස්වරූපය වහනවා. වචනවලින් කියන දේ නෙමෙයි
ඇඟේ තියෙන්නේ. ඇඟේ තියන දේ නෙමෙයි වචනවල තියෙන්නේ. එතකොට ඉතුරු වෙන්නේ රැවටීම.
රැවටීම තමයි ආදරය වෙන්නේ. ගැහැනිය පිරිමියගෙන් වැඩියෙන් ඉල්ලන්නේ වචන. පිරිමි වචන
දීලා ශරීරය ඩැහැ ගන්නවා. ගෑනු ශරීරය දීලා වචන ගන්නවා.
සංස්කෘතික විකෘතියට අපි ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? යථාර්ථවාදීව ප්‍රතිචාර
දැක්වුවොත් යථාර්ථය කියලා හිතෙන අවුල් ටිකක් හැදෙනවා. ගොඩක් චිත්‍රපටවල ඔන්න ඔය
යථාර්ථවාදී අවුල තමයි ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නේ. මට හිතෙන විදිහට නම් චිත්‍රපටයෙත්
පිටත ඇත්තයි කියලා හිතන යථාර්ථයත් ප්‍රතිනිර්මාණයක්ම තමයි. මොකද ඇත්තම ඇත්ත
යථාර්ථය නෙමෙයි අපි යථාර්ථය කියලා අල්ලගෙන ඉන්නේ. මේ මානුෂික සම්බන්ධතා එකක්වත්
යථාර්ථය නෙමෙයි, යථාර්ථය කියලා කියන්නේ අපි හිතාගෙන ඉන්න, අපි පිළිඅරගෙන ඉන්න
දෙයක් විතරයි.
දිගින් දිගටම හිතුවොත් හිතීමේ ගුණය වෙන තැනකින් නතර වෙනවා. අන්න ඒ
තැන හොයා ගැනීම තමයි අන්තිම අමාරු වැඩේ. මේ වැඩේ පොතපත කියවලා දැනුමෙන් කරන්න
පුළුවන් වැඩක් නොවෙයි කියන එක නම් මට හොඳටම පැහැදිලියි.
No comments:
Post a Comment