අපි ජීවිත කාලය පුරාම මොකක්දෝ දෙයක් හොයනවා. හැබැයි
හොයන්නෙ මොකක්ද කියලා දන්නෙ නැතුව. ඔය විදියට සමහරු දේවල් හොයනකොට ඒ දේවල් හම්බ වෙනවා.
හැබැයි හම්බඋනාට පස්සේ හිතනවා තව මොකක්දෝ මන්දා අඩුවක් තියෙනවා කියලා. ඒ විදිහට
අඩුවක් දැනුණම තමයි හෙව්ව දේ හම්බවෙලා නෑ කියලා හිතෙන්නේ. හැම මිනිහම මොනවදෝ
හොයනවා. හොයලා ඉවරවෙලා පැත්තකට වෙලා ඉන්න මිනිස්සු වෙනුවට, නැති වෙච්ච දේ හොයන
මිනිස්සු තමයි අපි හැමෝටම හම්බ වෙන්නේ. හැමෝම හොයන කොට හෙවීම කියන්නේ මොකක්ද කියලා හිතන්නෙ නෑ. එහෙම
හොයන දෙන්නෙක් පෙම්වතුන් වෙනවා. පස්සෙ විවාහ වෙනවා. සෙවීම ඉවර වෙනවද? නෑ. තවත්
මොනවදෝ හොයනවා. කවදාවත් සෙවීම නතර වෙන සෙවීමක් හම්බවෙන්නේ නෑ. සෙවීම නතර වෙන සොයා ගැනීමක් කවුද හොයා ගත්තේ. ඇල්බට්
අයිස්ටයින් තව දුරටත් සෙවීම නතර වෙන දෙයක් හොයාගත්තද? නෑ... සොයා ගත්ත දේ කියලා
එයා මැරුණා. ඔහු සොයා ගත්ත තැන ඉඳන් තව තියනවා හොයන්න. ඉවර නෑ. මම කියන්නේ බුදු
හාමුදුරුවෝ මොනවත් සොයා ගත්තේ නෑ. බුදු හාමුදුරුවෝ මොකක්ද හොයාගත්තේ. බුදු
හාමුදුරුවෝ හොයාගත්තේ හොයා ගැනීම කියන්නේ මොකක්ද කියලා. සොයා ගැනීම සොයා ගත්ත
මිනිහෙකුට හොයන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ. හොයාගැනීම හිතේ තියාගෙන, වෙන දේවල් හිතේ
තියාගෙන හොයන අයට ගොඩක් දේවල් හම්බවෙනවා. විද්‍යාඥයන් ගොඩක් දේ හොයා ගන්නවා. එහෙම
හොයා ගන්නේ සොයා ගැනීම මොකක්ද කියලා සොයන්නෙ නැති හින්දා. සොයා යාම සොයන අයට
මොනවත්ම හම්බ වෙන්නේ නෑ. මොකද එයාලා හම්බවෙන දේවල් සොයන්නෙ නැති හින්දා. නිවන
කියන්නේ සොයා ගැනීමක් නෙමෙයි, අපිට භාෂාවෙන් හරියටම පහදාගන්න බැරි නිසා නිවන හොයාගත්තා
කියලා අපි කියනවා. නිවන කියන්නේ සොයා ගැනීම පිළිබඳ සොයාගැනීමක්. නිවන යනුවෙන්
දෙයක් හම්බ වෙන්නේ නෑ. දෙවියන් වහන්සේ කියන්නේ සොයා ගැනීමක්. දෙවියෝ කොහේ හරි
ඉන්නවා. බොරුවට හරි දෙවියෝ මිනිස්සුන්ගේ ඔළුවෙ ඉන්නවා. නිවන එහෙම නෑ. නිවන හොයන්න
යන්න එපා. හොයන්නෙ නැති වෙච්ච දෙයක්, එහෙම නැත්නම් තියනවා කියලා හිතන දෙයක්. නිවන
නැතිවෙලත් නෑ. තිබිලත් නෑ. ඒක සොයාගන්න පුළුවන්, සෙවීම ගැන හෙව්වොත් විතරයි.
No comments:
Post a Comment