රටක් තුළ
බොහෝ සිදුවීම් සිදුවෙයි. ජනමාධ්‍ය එම සිදුවීම් වාර්තා කරයි. එම වාර්තා කියවන ජනයා
සිදුවීමේ ස්වභාවය අනුව, තමන් දරන ආකල්පය අනුව හැඟීම් බර වෙයි, කෝප වෙයි, අඬා වැලපෙයි,
විරුද්ධ වෙයි, හරි කියයි, වැරදියි කියයි. ඉන්පසු තවත් සිද්ධියක් පැමිණි පසු පරණ සිද්ධිය අමතක කර දමයි. අපගේ ජන
ප්‍රජාව සිද්ධීන්ට වේගයෙන් සංවේදී වනවා හා සමානව අමතක කර දැමීමද සරල ලෙස සිදු
කරයි.
කුලියාපිටිය
දරුවාගේ සිද්ධියද එසේමය. දැන් ප්‍රශ්නය විසඳුනා යැයි සිතයි. අශිෂ්ට නරුම
දෙමවුපියන් නිසා කුලියාපිටියේ දරුවාට ත්‍රිත්ව විද්‍යාලයේ දොරටුව විවෘත වී තිබේ.
එංගලන්තයේ පුරවැසිභාවය ලබාදීම පිළිබඳ කතාබහක්ද ඇසෙයි.
මේ සිදුවීම
නිසා දෙමවුපියන්ගේ අශිෂ්ට නරුමකම පමණක් නොව, රටේ අධ්‍යාපන ඇමතිගේ ස්වභාවයද ඊට
දෙවෙනි නොවන වග පෙන්වා දුන්නේය. අධ්‍යාපන ඇමති මෝඩයෙක් කියා අපි නොසිතන්නෙමු. ඔහුට
අවශ්‍ය වී තිබුණේ තමාට මනාප සලකුණු කරන අශිෂ්ට නරුම දෙමවුපියන්ගේ පර්ශ්වය ගෙන &මමත්
උඹලගේ පැත්තේ* කියන්නටය. එසේ කරන්නට ගොස් අධ්‍යාපන ඇමති ඓතිහාසික නෑමක් නා ගත්තේය.
අධ්‍යාපන ඇමතිවරයෙක් මනාප රැක ගැනීමට මේ තරම් අඥාන මානව විරෝධී ප්‍රකාශ කළ යුතුද?
දරුවා මවගේ ඇකයේ බුදියන නිසා දරුවා මවගෙන් වෙන් කළ යුතුය. පරිවාස භාරයට ගත යුතුය.
ඒ මවට ඒඩ්ස් රෝගය වැලඳී ඇතැයි අධ්‍යාපන ඇමතිවරයා කරන උපකල්පනය නිසා මවට ඒඩ්ස් රෝගය
වැලඳී තිබුණද, දරුවා මවගෙන් වෙන් කරන්නේ මොන නීතියට අනුවද? මොන සදාචාරයට අනුවද?
යහපාලනය කියන්නේ මෙවැනි අඥාන මෝඩ මානව විරෝධී වැඩවලටද?
අධ්‍යාපන
ඇමතිවරයා පමණක් නොව, ඕනෑම ඇමතිවරයෙක් ප්‍රකාශ නිකුත් කිරීමට පෙර දෙවරක් නොව
සියවරක් සිතිය යුතුය. තමන්ට අදාළ සිදුවීම පිළිබඳ නිවැරදි විශ්ලේෂණයකට යා නොහැකි
නම්, උපදේශකවරුන්ගේ පිහිට පැතිය යුතුය. මනාප රැකගන්නට අධ්‍යාපන ඇමතිවරයා කළ ප්‍රකාශයෙන්
බරපතළකම ඔහුටම වැටහෙනවා ඇත. මනාප දුන්
ජනයාත් රැකගෙන අදාළ සිද්ධියට ප්‍රතිචාර දැක්විය යුතු දියුණු ක්‍රම‘වේදයක් ගැන අධ්‍යාපන
ඇමතිතුමාට දැනුමක් නොතිබුණේය. දේශපාලන යනු තව දුරටත් හොඳ නරක, හරි වැරදි ලෙස දෙපස
නියෝජනය කරන ක්‍රියාදාමයක් නොවන බව තේරුම් ගත යුතුය. මෛත්‍රීට වඩා මහින්ද හොඳයි,
මහින්දට වඩා මෛත්‍රී හොඳයි යන ආකාරයේ සරල දේශපාලන තියරි අදට ගැළපෙන්නේ නැත. මෙකල
දේශපාලඥයා ජනයාට ඉදිරියෙන් නොව, පසුපසින් සිටියි.
පාලකයන්
කොහේද ජනතාවද එසේය. ජනතාව කෙසේද පාලකයන් එසේය කියන්නේ ඒ නිසාය. රටක පාලකයන් විය
යුත්තේ පුළුල් විභවයක් සහිත මිනිසුන්ය. දැනුමෙන් ප්‍රඥාවන්ත භාවයෙන් පිරිපුන්
මිනිසුන්ය. අධ්‍යාපනය වැනි ඇමතිකමක් දිය යුත්තේ
එවැනි පුද්ගලයෙකුටය. ඡන්දයෙන් පත්නොවන්නේ නම්, ජාතික ලැයිස්තුවෙන් හෝ එවැනි
ප්‍රඥාවන්ත දියුණු ලෝක දෘෂ්ටියක් සහිත මිනිසෙක් පත්කර අධ්‍යාපන ඇමති ධුරය බාරදිය
යුතුය. දියුණු රටවල අධ්‍යාපනය, සංස්කෘතිය වැනි ක්ෂේත්‍ර බාර දෙන්නේ දියුණු මනසක්
සහිත මිනිසුන්ටය. අපේ රටේ ඇමති ධුර බෙදා දෙන්නේ කිසිදු විද්‍යාත්මක පදනමකින්
තොරවය. හිතවත්කම අනුවය.
රාජපක්ෂවරුන්ගේ
පාලන සමයේ ඊට එරෙහිව නැගී සිටි ප්‍රකට ප්‍රවෘති වෙබ් අඩවියක් දැන් යු.එන්.පී.
ආණ්ඩුවේ රෙදි අපුල්ලන්නට පටන් ගෙන තිබේ. ඔවුන් කොන්දේසි විරහිතවම යු.එන්.පී.යේ
කුණු රෙදි අපුල්ලන්නට පටන් ගෙන තිබේ. මේ ප්‍රවෘති වෙබ් අඩවිය අධ්‍යාපන ඇමතිවරයා
ගොඩදැමීම සඳහා කුලියාපිටිය දරුවාවද, එම දරුවාගේ අම්මාවද අශිෂ්ට ලෙස විවේචනය කර
ලිපියක් පළකර තිබෙනු මම දුටුවෙමි. එම
ලිපියට අනුව දරුවාගේ මව මිනිසුන් කිහිපදෙනකු හා නිදිවැදුන කසිප්පු ඡාවාරමේ නිරත වන කාන්තාවකි. &මම තොට එඩ්ස් බෝ කරනවා*
කියමින් තර්ජනය කරන ගැහැනියකි. දරුවාද මොන්ටිසෝරියේදී අන් දරුවන් හපාකන සූරන
චරිතයකි. ඒ නිසා මෙම දරුවා මවගෙන් වෙන්කළ
යුතුය. දරුවා හොඳ මිනිහෙක් කිරීමට මවගෙන් වෙන්කළ යුතු යැයි එම ලිපියේ පවසා තිබිණි.
අධ්‍යාපන
ඇමතිවරයා ගොඩදැමීමේ කොන්ත්‍රාතුව බාරගෙන තිබෙන බව එම ලිපිය කියවන ඕනෑම ගොනෙකුට
තේරෙයි. එම ලිපිය මව හා දරුවා සම්බන්ධයෙන් පවසන සියල්ල සත්‍ය යැයි අපි සිතමු. එහෙත්
දරුවාගේ අධ්‍යාපන අයිතිය අහිමි කරන්නට අශිෂ්ට නරුම දෙමවුපියන්ට බලයක් ලැබුණේ
කෙසේද? හොරුන්ගේ, මිනීමරුවන්ගේ, ගණිකාවන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය අයිතිය හිමි
නැතිද? හූරන, කොනිත්තන, හපාකන දරුවන්
පාසල්වලින් එළවා දැමිය යුතුද? අශිෂ්ට දෙමවුපියන්ගේ හැසිරීම යන්තම් හෝ විවේචනය
නොකරන මේ වෙබ් අඩවිය පාසල් අහිමි දරුවාවත්,
ඇගේ මවත් විවේචනය කරන්නේ අධ්‍යාපන ඇමතිවරයාගේ ප්‍රකාශය නිවැරදි බව සනාථ වන
අකාරයෙනි. රාජපක්ෂවරුන්ගේ පාලන සමයේ රජ්‍ය මාධ්‍ය හැසිරුණු ආකාරයට අද මේ ප්‍රකට ප්‍රවෘති
වෙබ් අඩවිය හැසිරීම කනගාටු දායකය.
කුලියාපිටිය
දරුවා බාර ගැනීමට බෞද්ධ ලෙස නාමකරණය කරන ලද එකම බෞද්ධ පාසලක් හෝ ඉදිරිපත් නොවුණේය.
අවසානයේ දරුවා බාර ගත්තේ ත්‍රිත්ව විද්‍යාලයයි. එය බෞද්ධ පාසලක් නොවේ. කුල, ගෝත්‍ර,
උස් පහත් භේදය තුට්ටුවකට මායිම් නොකර සුනීත සෝපාකලාට බුදු රජාණන් වහන්සේ මහා කරුණාව දැක්වූ සේක.
බුදුන් වහන්සේගේ ධර්මයට අනුව බුද්ධාගම්කාරයෝ වූ බොහෝ දෙනා තුළ එම කරුණා ගුණය නම්
නොමැත්තේය. සිංහලේ කොටාගෙන අන්‍ය ජාතීන් තමන්ට වින කරන්නට බලාගෙන සිටිනවා යැයි
පවසමින් ජාතිවාදී චූන් ගන්නවා හැරුණු විට, මෙවැනි ප්‍රශ්න ඉදිරියේ ඔවුන්ගේ සංවේදිකමක්
නම් නොමැත්තේය. මහා ලොකු බෞද්ධ යැයි නාමකරණය කරන ලද එකදු පාසලක්වත් කුලියාපිටියේ
දරුවාට අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් ඉදිරිපත් නොවුණේය. හිත් උණු නොවුණේය. දැන් අපගේ
බෞද්ධකම හා ශිෂ්ටත්වය නැවත ප්‍රශ්න කළ යුතුව තිබේ. මෙවැනි අශිෂ්ටත්ව සහිතව රට ජාතිය
ආගම රැක ගැනීමෙන් පලක් නැත. මනුෂ්‍යත්වය ආදරය නොකරන මානව විරෝධී හැඟීමෙන් යුතු ජන කොට්ඨාසයක්
ලෝකයටම අවශ්‍ය නැත. කුමන කරුණක් නිසාවත් කුලියාපිටියේ අශිෂ්ට නරුම දෙමවුපියන්
සාධාරණීකරණය නොකළ යුතුය. ඔවුන්ට සෑම විටම මතවාදීව පහරදිය යුතුය. ලැජ්ජාවට පත්කළ
යුතුය. කොන් කළ යුතුය.
මේ
අවස්ථාවේදී රන්ජන රාමනායක ඇමතිවරයාගේ හැසිරීම අපි අගය කළ යුත්තේ කුලියාපිටිය
ගැමියාගේ භාෂාවෙන්ම ගැමියාට පිළිතුරු දී තිබෙන නිසාය. පොර වෙන්නට, ලකුණු දා ගන්නට
හෝ යහපාලනය තුළ ගේමක් ඉල්ලන මිනිසෙකුට සිටින්නේ රංජන් රාමනායක පමණි. ඔහු හොරු
ඇල්ලීමේ සටන නවතා නැත. මහජන දිනයට පැමිණෙන අසරණ මිනිසුන්ට පිහිට වෙමින් මුදල් ලබාදෙයි.
කාට හෝ මේවා සෝබන වැඩ ලෙස පෙනීමට පුළුවන. සෝබන වැඩකින් හෝ යුක්තිය ඉටුවෙනවානම් හෝ
මිනිසුන්ගේ දුකට පිහිටක් වනවා නම් ප්‍රශ්නයක් නැත. රන්ජන් ඇමතිතුමා සෝබනයට හෝ පොර
වෙන්නට කරන වැඩ අනිත් ඇමතිවරුත් කරනවා නම්, මරුයැයි මට සිතෙයි. රංජන් ඇමතිතුමා වඩා
ගන්නේ සෝදා නහවා පිරිසිදු කරගත් වඩාගත් විට හිනාවෙන දරුවන් පමණක් නොවේ. නොයෙක් අබල
දුබල රෝග පීඩාවට ලක්වූ දරුවන්ද වඩාගෙන හුරතල් කරයි. මේ මොහොතේ රන්ජන් ඇමතිතුමාගේ
දේශපාලන හැසිරීම බොහෝ කොටම සාධනීය වෙයි. මානව හිතාවදී වෙයි. කවර මට්ටමේ විවේචන
තිබුණද, මේ මොහොතේ රංජන් රාමනායක නම් මනුෂ්‍යයාගේ ක්‍රියාකාරකම් දෙස මානම හිතවාදී
දෘෂ්ටියෙන් දකින කල මගේ සිත සතුටින් පිරෙයි. ක්‍රම‘යේ වෙනසක් සිදුවන තුරු අපට අවශ්‍ය
රංජන් රාමනායක වැනි මිනිසුන්ය.